Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)
මෙතෙක් ක්‍රීඩා කළ සෑම ටෙස්ට් තරගයකදීම අර්ධ ශතකයක් හෝ ශතකයක් ලබාගත් කමිඳු මෙන්ඩිස්ගේ විශිෂ්ට පිතිහරඹය නිසා නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම හිස් ඔසවාගත්තේය. නවසීලන්තයට එරෙහිව අද (8 වැනිදා) ගාල්ලේදී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ මුල් දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 302 ක් ලබා සිටියේය.
විනාඩි 274 කදී පන්දු 173 කට මුහුණ දුන් වමත් පිතිකරුවා හතරේ පහර 11 කින් සිය ඉනිම සැරසූයේ තීරණාත්මක සම්බන්ධතා දෙකකටම දායක වෙමිනි.
සිව්වැනි කඩුල්ලත් ලකුණු 106 දී බිඳ වැටුණ නමුත් කමිඳු මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ලකුණු සංඛ්‍යාව 178 දක්වා ඉදිරියට ගෙන ගියහ. තේ කෝප්පය උණුසුම්ව තිබියදීම මැතිව්ස් දැවී ගියත් තේ පානයෙන් පසුව පැමිණි කුසල් මෙන්ඩිස්ට එක්වූ කමිඳු, හයවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 103 ක සම්බන්ධතාවකින් ශ්‍රී ලංකා කණ්ඩායම 300 කඩඉම ආසන්නයටම කැඳවාගෙන ආවේය.
මෙම තරගයේදී අංක 7 පිතකරුවා ලෙසින් ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස් ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් සිටියේය. ඔහු දැවී ගිය අනපේක්ෂිත ආකාරය ඔහුටම අදහාගත නොහැකි විය. ග්ලෙන් පිලිප්ස්ගේ දුර්වල පන්දුවකට කුසල් ගැසූ පුල් පහරින් බේරීමට ෂෝට් මිඩ් විකට්හි සිටි ටොම් ලෙතම් පසෙකට පැන්නේය. එහෙත් ලෙතම්ගේ බාහුවේ වැදුණු පන්දුව බිම වැටීමට පෙර රැකගැනීමට ඒ අදළම සිටි ටිම් සවුතිට හැකිවූයෙන් කුසල්ට තිබුණේ ක්‍රීඩාගාරය බලා යාම පමණි.
දිවා ආහාරයට පෙර, විලියම් ඕ’රූක්ගේ පන්දුවක් ඇන්ජලෝගේ දකුණු දබරැඟිල්ලට වැදීමෙන් ඕවරයකට පසුව මැතිව්ස් ක්‍රීඩාගාරයට ගියේය. තුවාල වූ ඇඟිල්ලට ප්‍රතිකාර ලබා පැමිණි මැතිව්ස් පන්දුවට පහර දෙමින් සිටි ආකරය අනුව තවත් ලකුණු 60 ක් - 70 ක් ඔහු ඉදිරියේ පෙනෙන්නට තිබිණ. එහෙත් අනපේක්ෂිත මොහොතක ආ විලියම් ඕ’රූක්ගේ පන්දුවක් මැතිව්ස්ගේ පිත්තේ ගෑවී කඩුලු රකින්නා අත පත්වූයේ මැතිව්ස් සහ කමිඳු මෙන්ඩිස් අතර පැය දෙකකට ආසන්න කාලයන් පැවැති සම්බන්ධතාව නිමා කරමිනි.
අඩි 6 යි අඟල් 4 ක් උස විලියම් ඕ’රූක් ශ්‍රී ලංකා පිලට මහත් හිසරදයක් විය.
නවසීලන්තය මේ තරගයට පිවිසියේ මැතිව් හෙන්රි වෙනුවට විලියම් ඕ’රූක් කණ්ඩායමට එකතු කරමිනි. 23 හැවිරිදි වේග පන්දු යවන්නා තවමත් ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග දෙකකට වූවත් ඔහු ටෙස්ට් දිවිය ආරම්භ කළේ දකුණු අප්‍රිකාවට එරෙහිව හැමිල්ටන්හිදී පැවැති ටෙස්ට් තරගයේදී ලකුණු 93 කට කඩුලු 9 ක් දවාගනිමිනි. නවසීලන්තයෙන් බිහිවූ උසම වේග පන්දු යවන්නකු වන කයිල් ජැමීසන් (අඩි 6 යි අඟල් 8 යි) සමගින් පුහුණුවීම් කරන විලියම් ඕ’රූක් ටෙස්ට් පිටියේ බොහෝ දුර ගමනක් යා හැකි බව පෙන්නුම් කළේ අද පෙරවරුවේදී ගාල්ලේ පැවැති ගිනි පූටක අව්වේ පිච්චෙමින් වුවද, ඕවර 9 ක් යැවීමෙනි.
ඕ’රූක්ගේ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා පිලේ දෙවැනි කඩුල්ලත් ලකුණු 33 ක් ඇතුළත ඇදවැටුණා පමණක් නොව ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් ද ආපසු ක්‍රීඩාගාරයට ගියේය. තේ පානයට පෙර බිඳ වැටුණු ශ්‍රී ලංකා පිලේ කඩුලු 5 න් කඩුලු 3 කම හිමිකරුවා වූයේත් ඔහුමය.
දිගින් දිගටම කෙටි පන්දු යවමින් සිටි ඕ’රූක්ට පැතුම් නිස්සංක නොබියව පහර දුන්නද හිටි අඩියේම ඕ’රූක් යැවූ යෝකර් පන්දුව නිස්සංකගේ කඩුල්ලට කඩා වැදුණේ ශ්‍රී ලංකා ඉනිම දෙදරවමිනි.
ගාල්ල ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය අතිශය තීරණාත්මක සාධකයකි.
බොහෝවිට සිදුවන්නේ කාසියේ වාසිය දිනාගන්නා නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම තෝරා ගැනීමයි. වියළි බවකින් යුත් ගාල්ල තණතීරුව තරගයේ දිගහැරීමත් සමගින් එන්න එන්නම වියළී පුපුරා යයි. එවන් තත්ත්වයකදී සිව්වැනි ඉනිමේ පන්දුවට පහරදීම පිතිකරුවන්ට දඬුවමකි.
කිසිම නායකයකු මේ දඬුවම විඳීමට කැමති නැත. එබැවින් ගාල්ලේදී කාසියේ වාසිය දිනගත් සැණින් පන්දුවට පහර දීම තෝරා ගැනීම යහපති.
මේ ධනංජය ද සිල්වා, ටෙස්ට් තරග 5 කදී එක දිගට දිනාගත් පස්වැනි කාසියේ වාසියයි. එංගලන්ත සංචාරයේදී තරග තුනේදීම කාසියේ වාසිය දිනාගත් ධනංජය, බංග්ලාදේශයේ චැටෝග්‍රෑම් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදීත් කාසියේ වාසිය දිනාගත්තේය.
Rashmika Thursday, 19 September 2024 06:41 AM
සුපිරි.. කමිඳු මෙන්ඩිස් ඇතුළු සියළු ක්‍රීඩකයින් හොඳයි, හොඳයි...!
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.