Last Update  :  2025-04-02 12:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කමිල් මිෂාර තවත් විශිෂ්ට පිතිහරඹයක
එන්.එස්.එල්. - 2025

කමිල් මිෂාර තවත් විශිෂ්ට පිතිහරඹයක

editorial - 2025 මාර් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

කමිල් මිෂාරගේ විශිෂ්ට පිතිහරඹය නිසා හිස් ඔසවාගත් මහනුවර ක්‍රීඩකයෝ සූරියවැවදී පැවැත්වෙන එන්.එස්.එල්. තරගයේ ආරම්භක දිනය වූ අද (20 වැනිදා) පළමු දිනය නිමාවන විට සියමුල් ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 382 ක් ලබාගත්හ. 

පළමු ඕවරයේදීම ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු නොලබා දැවී යාමෙන් පසුව පිටියට පිවිසි කමිල් මිෂාර, මහනුවර ඉනිමේ සම්පූර්ණ ලකුණු සංඛ්‍යාවෙන් හරි අඩක් පමණ ලබාගත්තේය. පැය පහ මාරකට ආසන්න කාලයක් කඩුල්ලේ රැඳුණු එන්.සී.සී. පිතිකරුවා, පන්දු 217 කට මුහුණ දෙමින් හතරේ පහර 18  කින් සහ හයේ පහර දෙකකින් සිය ඉනිම අලංකාර කළේය. 

පසුගිය සතියේදී ගාල්ල පිලට එරෙහිව හම්බන්තොටදීම පැවැති එන්.එස්.එල්. තරගයේදී කමිල් මිෂාර නොදැවී ලකුණු 158 ක් ලබාගත්තේය. මෙම තරගාවලියේ ඉනිම දෙකකදී කමිල් මිෂාර විසින් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 330 කි. 

කොළඹ පිලේ නායක චරිත් අසලංක පන්දු යවන්නන් 8 දෙනකු යොදාගත් නමුත් ඔවුන් අතුරින් තරමක් දුරට හෝ සාර්ථක වූයේ දුෂාන් හේමන්ත පමණි. 


මහනුවර - පළමු ඉනිම කඩුලු 5 ට 382 යි
(ජනිශ්ක පෙරේරා 48, කමිල් මිෂාර 172, නුවනිඳු ප්‍රනාන්දු 45, සහන් ආරච්චිගේ 68, සොහාන් ද ලිවේරා නොදැවී 19, චමිඳු වික්‍රමසිංහ නොදැවී 15, දුෂාන් හේමන්ත 62/2)


අදහස් (0)

කමිල් මිෂාර තවත් විශිෂ්ට පිතිහරඹයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.