Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය ඊයේ (14 වැනිදා) සමත්විය.
කළුතර මහජන ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කළුතර විද්‍යාලයට එරෙහිව ලකුණු 62 ක ජයක් ලබාගැනීමට කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය සමත්විය.
සමිත් ඉසුරු කඩුලු 3 ක්ද දිනුප සෙව්මිණ, රවිඳු මිලාන් සහ ඉෂාර මදුවන්ත කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය - ඕවර 47.1 කදී සියලුදෙනා දැවී ලකුණු 180
(ධනේෂ් මදුශංක 39, ජනිත් කෞෂාල් 33, සවිඳු උමේෂ් 23, කවිඳු ගයාෂාන් 16/4, අවිෂ්ක ලක්ෂාන් 30/3, විශ්මික කොස්තා 46/2)
කළුතර විද්‍යාලය - ඕවර 35.3 කදී සියලුදෙනා දැවී ලකුණු 118
(අවිෂ්ක ලක්ෂාන් 36, සමිත් ඉසුරු 32/3, දිනුප සෙව්මිණ 19/2, රවිඳු මිලාන් 28/2, ඉෂාර මදුවන්ත 32/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.