Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කළුතර ක්‍රිකට් මුල් පුටුවට ප්‍රසන්න

කළුතර ක්‍රිකට් මුල් පුටුවට ප්‍රසන්න

යොහාන් භාසුර - 2020 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ නව සභාපතිවරයා ලෙස පානදුර ක්‍රිකට් සමාජයේ භණ්ඩාගාරික ප්‍රසන්න අමරසේකර මහතා නිතරගයෙන් පත්විය. කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ නිලවරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අධීක්‍ෂණයෙන් පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවැත්විණි.

පානදුර ශ්‍රී සුමංගල පිරිමි විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ප්‍රසන්න මහතා හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු ද වේ.

සංගමයේ වාර්ෂික මහ සභාව සහ නිලවරණය නියමිත දිනයට නොපැවැත්වීම හේතුවෙන් කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ පාලනය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබුණි.  


කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ නව නිලධාරී මඩුල්ල:
සභාපති - ප්‍රසන්න අමරසේකර මහතා (පානදුර ක්‍රී.ස.), උප සභාපතිවරු (05) - තිස්ස සිල්වා (කෘසේඩස් ක්‍රී. ස.), සුමේධ මොල්ලිගොඩ (පානදුර ක්‍රී. ස.), සමන්ත විජේසූරිය (මිල්ලනිය ශක්ති ක්‍රී. ස.), වජිර ලක්‍ෂ්මන් අසරප්පුලි (තිස්ස ක්‍රී. ස.) සහ ප්‍රසන්ත විතානගේ (තිස්ස ක්‍රී. ස.) යන මහත්වරු, ලේකම් - දිල්රාන් අබේසේකර මහතා (කළුතර නාගරික ක්‍රී. ස.), උප ලේකම් - තුසිත උබේසේකර මහතා (තෙඹුවන ක්‍රි. ස.), භාණ්ඩාගාරික - ඩබ්ලිව්. ටී. එන්. ඊ. වල්පිට මහතා (ආදි ශ්‍රීපාලි ක්‍රී. ස.) ක්‍රීඩාංගණ ලේකම් - කීර්ති කරුණානායක මහතා (මතුගම ක්‍රී. ස.)

 


අදහස් (0)

කළුතර ක්‍රිකට් මුල් පුටුවට ප්‍රසන්න

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.