Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් ලෝකයේ මහගෙදර වන එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ හිටපු සභාපති කුමාර් සංගක්කාර මහතාගේ සේවා කාලය අවසන් වී තිබේ. වසර 234 ක් පැරණි මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ඉතිහාසයේ සභාපතීත්වය දරන පළමු කාන්තාව බවට පත්වෙමින් එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකා ක්ලෙයාර් කොනර් මහත්මිය පසුගිය සිකුරාදා එම තනතුර බාරගත්තාය.
කොනර් මහත්මියගේ නාමයෝජනාව පසුගිය වසරේ පැවැති වාර්ෂික මහා සභා රැස්වීමේදී ඇගේ පූර්වගාමියා ලෙස කුමාර් සංගක්කාර මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලදි. එහෙත් ලෝකය පුරා පවතින කොරේනා වයිරසයේ බලපෑම හේතුවෙන් ඇයට වසරක් බලා සිටීමට සිදු විය.
වසංගතය හේතුවෙන් සංගක්කාර මහතාගේ කාල සීමාව වසර 2 දක්වා දීර්ඝ කළ අතර ක්ලෙයාර් මහත්මිය හිටපු ශ්‍රී ලංකා නායකයාගෙන් පසුව එහි සභාපතිධූරයේ වැඩ භාර ගත්තාය.
එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ කළමනාකාර අධ්‍යක්‍ෂකවරිය ලෙස කටයුතු කරන කොනර් මහත්මිය, 2009 වසරේදී මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ගෞරවනීය යාවජීව සාමාජිකාවක් බවට පත් කෙරුණි.
“එම්.සී.සී සභාපති වීමෙන් මම ඇත්තෙන්ම ගෞරවයට පාත්‍ර වුනා. මා සතු දැනුම ක්‍රීඩාවේ යහපත උදෙසා යෙදවීම සඳහාත්, මෙම වැදගත් කාර්යභාරය ඉටු කිරීමට මා කෙරෙහි විශ්වාසය තැබීම ගැනත් කුමාර් සංගක්කාරට ස්තූති කිරීමට කැමතියි. මගේ මුළු ජීවිත කාලයම පුරාම ක්‍රීඩාවට ආදරය කළා” යැයි නිවේදනයක් නිකුත් කරමින් කොනර් මහත්මිය කියා සිටියාය.
”ඉදිරි මාස 12 තුළ ක්‍රීඩා සමාජයට නායකත්වය ලබාදෙමින් කමිටු සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට බලාපොරොත්තු වෙනවා. අධ්‍යක්‍ෂක මණ්ඩල සමගින් මගේ අත්දැකීම් පරාසය තුල වැඩ කිරීමට මම උත්සාහ කරනවා. එම්.සී.සී කණ්ඩායමේ සාමාජිකයෙකු වෙමින් ඉදිරියට යෑමට මම ඇත්තෙන්ම බලාපොරොත්තු වෙනවා” යයිද නව සභාපතිනිය පැවසුවාය.
යන්තම් වයස අවුරුදු 19 වූ ක්ලෙයාර් කොනර් 1995 දී එංගලන්ත කාන්තා කණ්ඩායමට පිවිසි අතර 2000 දී නායකත්වයට පත්වෙමින් එම වසර අවසානයේදී ඕස්ටේ්‍රලියාවට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී එංගලන්ත කාන්තා කණ්ඩායම මෙහෙයවීය. වමතින් දඟ පන්දු යැවූ තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන කොනර්, වසර 42 කට පසු එංගලන්ත කාන්තා කණ්ඩායම සිය පළමු අළු බඳුන ජයග්‍රහණය කරා ගෙන ගිය අතර 2005 දී තරගාවලිය 1-0 ක් ලෙසින් ජයග්‍රහණය කළේය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.