Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර ක්රිකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ජා ඇල ක්රිස්තු රාජ විදුහල සමත් විය.
කිරිඳිවැල උපාලි ගුණරත්න ක්රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කඳාන මැසිනොද් විදුහලට එරෙහිව කඩුලු 4 ක ජයක් අත්කර ගනිමින් ක්රිස්තු රාජ විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ රෂ්මික හිරුෂාන් (51) අර්ධ ශතකයක් ලබාගනිමින් ක්රිස්තු රාජ විදුහල ජයග්රහණය කරා ගෙන ගියේය.
මැසිනොද් විදුහල - ඕවර 48.4 කදී සියලු දෙනා දැවී 152
(හසිත සංදීප 34, තරණ සිල්වා 40, ශැනොන් රුක්ෂාන් නොදැවී 44, අමීෂ දිදුරංග 18/2, ක්රිෂාන් රාජ්කුමාර් 25/2, අනෝෂ් ආකර්ෂණ 19/2)
ක්රිස්තු රාජ විදුහල - ඕවර 27.5 කදී කඩුලු 6 ක් දැවී 153
(දිලේෂ් සමෝද් 45, රෂ්මික හිරුෂාන් 51, ප්රමුත් හේෂාන් 34, තරණ සිල්වා 37/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.