Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් ක්‍රීඩකයන් 77 කට කොන්ත්‍රාත් ගිවිසුම්

ක්‍රිකට් ක්‍රීඩකයන් 77 කට කොන්ත්‍රාත් ගිවිසුම්

රොෂාන් ගුණරත්න - 2019 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් හැත්ත හත් දෙනෙකුට (77) කොන්ත්‍රාත්තු ගිවිසුම් පිරිනැමීමේ උත්සවය ක්‍රීඩා අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20 වැනිදා) ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.
 
මෙම ගිවිසුම් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආයෝජනය කරන ලද මුදල රුපියල් මිලියන 65ක් වන අතර ඒ සඳහා පසුගිය 2017 සහ 2018 අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියන්හිදී දස්කම් දැක්වු ක්‍රීඩකයන් තෝරාගෙන ඇත.
 
කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් තැබීමට ක්‍රීඩකයින් තෝරාගෙන ඇත්තේ පහත අන්දමටය
 
01. ඉහළම දස්කම් දැක්වූ පළමු ශ්‍රේණියේ ක්‍රිඩකයන් විසි හයක් (26)
 
02. නැගී එන ක්‍රිඩකයන් විසි දෙකක් (22) 
 
03. ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිඩකයන් හයක් (06)
 
04. ජාතික කණ්ඩායමේ කොන්ත්‍රාත්තුවට අයත් නොවන මෑතකදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ක්‍රිඩකයන් දෙළහක් (12) 
 
05. පසුගිය 19 පහළ ලෝක කුසලානයට තරග කළ නවක තරුණ ක්‍රිඩකයන් (11) ක් ද මීට ඇතුළත්ය.
 
ගිවිසුම් සඳහා ක්‍රීඩකයින් 77 තෝරාගෙන ඇත්තේ පහත සුදුසුකම් මතය
 
■ දේශීය ක්‍රිකට් ‘ඒ කොටසේ තරගාවලියේ දී පිතිකරුවකු ලකුණු 750ක් රැස් කිරීම හෝ ලකුණු 50 කට වැඩි සාමාන්‍යයක් ඇති හෝ පන්දු යවන්නකු කඩුලු 45ක් ලබාගැනීම, තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලකුණු 450 ක් හා කඩුලු 25 ක් ලබාගැනීම, කඩුලු රකින්නකු ලකුණු 450 ක් රැස්කිරීම හා කඩුලු 25ක් දවාගැනීමට දායක වීම.
 
■ දේශීය ක්‍රිකට් ‘බී’ කොටසේ කොටසේ තරගාවලියේ දී පිතිකරුවකු ලකුණු 650 ක් හෝ ලකුණු 50 කට වැඩි සාමාන්‍යයක් ඇති හෝ පන්දු යවන්නෙකු කඩුලු 40 ක් දවාලීම, තුන් ඉරියව් ක්‍රීඩකයකු ලකුණු 450 ක් ලබා ගැනීම හා කඩුලු 25 ක් දවාලීම, කඩුලු රකින්නකු ලකුණු 450 ක් රැස් කිරීම හා කඩුලු 20 ක් දවාගැනීමට දායක වීම.
 
■ වයස 23 ත් 29 ත් අතර නැගී එන ක්‍රීඩකයෙකු වීමත්, පසුගිය වසර තුන තුළ ශ්‍රී ලංකා කණ්ඩායම, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම හෝ සංවර්ධන කණ්ඩායම නියෝජනය කර තිබීම.
 
■ වයස තිහට (30) වැඩි තවමත් දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් වීම.
 
එමෙන්ම 2017/2018 අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ වීරයා වූ සචිත්‍ර සේරසිංහ හට දක්ෂතම ක්‍රීඩකයාට පිරිනැමෙන රුපියල් මිලියන 2.3 ක් වටිනා මෝටර් රථයක් ප්‍රධානය කරනු ලැබීය.
 
මෙයට අමතරව ඊයේ දිනයේදී කොන්ත්‍රාත් ලබා ගත් සියළු ක්‍රීඩකයන්ට රුපියල් මිලියන 2.5 ක හදිසි අනතුරු රක්ෂණ ආවරණයක් ද රුපියල් ලක්ෂ තුනක රෝහල් රක්ෂණ ආවරණයක් ද දෙනු ලැබීය. ක්‍රීඩකයන්හට මෙම පහසුකම් ලබාදෙනු ලබන්නේ ඔවුන්ගේ ක්‍රීඩා සමාජ මගින් පිරිනමන දීමනාවන්ට අමතරවය.

අදහස් (0)

ක්‍රිකට් ක්‍රීඩකයන් 77 කට කොන්ත්‍රාත් ගිවිසුම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.