Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
උත්සව සහ සාමාන්‍ය අවස්ථාවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් වල ඇඳුම් සපයන්නා වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ‘සිග්නේචර්’ සන්නාමය තෝරා ගනු ලැබ ඇත. ‘සිග්නේචර්’ සන්නාමයේ හිමිකරුවන් වන හමීඩියාස් සමාගම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ගිවිසුම වසර 2027 දක්වා බලපැවැත්වෙයි.
මෙම ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේ ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 පිරිමි කණ්ඩායම්වලට මෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් වලටද උත්සව සහ සාමාන්‍ය අවස්ථාවලදී ඇඳුම් සැපයීම හමීඩියාස් සමාගම විසින් බාරගනු ලැබ ඇත. ‘සිග්නේචර්’ සන්නාමය හමීඩියාස් සමාගම සතුව පවතින්නකි. අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් මෙන්ම ආසියානු ක්‍රිකට් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන තරගාවලි සඳහාත් මෙම ගිවිසුම අදාළ වේ.
හමීඩියාස් සමාගම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර සම්බන්ධය දශක දෙක හමාරකට වැඩි ඉතිහාසයක් ඇති එකකි. 1996 දී ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන දිනාගත් අවස්ථාවේදී කණ්ඩායමේ සෑම ක්‍රීඩකයකුටම අල්මාරියක් පිරෙන්න ඇඳුම් පිරිනැමුවේත් හමීඩියාස් සමාගමයි. ශ්‍රී ලංකාව විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් 2014 දීත් ‘සිග්නේචර්’ ශ්‍රී ලංකා ක්‍රිකට් සමගින් අත්වැල් බැඳගෙන සිටියේය. 2024 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදීත් ඔව්හු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමගින් සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් වල ඇඳුම් සපයන්නා වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ‘සිග්නේචර්’ සන්නාමය තෝරාගැනීම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ප්‍රකාශයට පත්කළ අවස්ථාවේදී කාන්තා කණ්ඩායමේ සාමාජිකා හර්ෂිතා සමරවික්‍රම මැදිකරගත් සීමිත ඕවර නායක චරිත් අසලංක සහ ටෙස්ට් නායක ධනංජය ද සිල්වා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.