Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් දූෂණ මර්ධනයේ ලෝකෙටම ලොක්කා සුමති ධර්මවර්ධන

ක්‍රිකට් දූෂණ මර්ධනයේ ලෝකෙටම ලොක්කා සුමති ධර්මවර්ධන

editorial - 2024 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ ස්වාධීන සභාපති තනතුර සඳහා ශ්‍රී ලාංකීය නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන අතිරේක සොලිසිටර් ජෙනරාල්, ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා පත්කර තිබේ. වසර 14 ක් පුරා එම තනතුර හෙබවූ කීර්තිමත් පොලිස් නිලධාරියකුව සිටි ශ්‍රීමත් රොනී ෆ්ලැනගන් මහතා ඔක්තෝබර් මස 31 වැනිදා විශ්‍රාම යාම හේතුවෙන් එම තනතුර සඳහා ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා පත්කර තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඊයේ (30 වැනිදා) මේ බව නිවේදනය කළේය. 

රන්ජන් මඩුගල්ලේ මහතාගෙන් පසුව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මුල් පුටුවකට පත්වූ දෙවැනි ශ්‍රී ලාංකිකයා වන්නේ ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතාය. රන්ජන් මඩුගල්ලේ මහතා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පළමුවැනි ප්‍රධාන තරග තීරකවරයාය. 1993 දී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තීරක මඬුල්ලට එක්වූ මඩුගල්ලේ මහතා වසර 2001 දී එහි ප්‍රධාන තීරක ධූරයට පත්විය. 

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයකු ලෙසින් සේවය කරන ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා, රජය නියෝජනය කරමින්, ක්‍රීඩා අමාත්‍යංශයේ විවිධාකාර නීති කටයුතු සඳහාත් සම්බන්ධ වී සිටී. 

මත්ද්‍රව්‍ය සහ අපරාධ මැඬීම සම්බන්ධයෙන් ඉන්ටර්පෝල් ආයතනය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමගින් එක්ව කටයුතු කරන ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා ක්‍රීඩාවේ පවතින දූෂණ සොයාබැලීම සඳහාත් කටයුතු කරමින් සිටින්නෙකි. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත යටතේ විභාග කෙරෙන නඩු කිහිපයක් සම්බන්ධයෙන්ම ද කටයුතු කරන ඒ මහතා ලෝකයේ විවිධ ක්‍රීඩා සංවිධාන සමඟ සාකච්ඡා පැවැත්වීමේදීත් ශ්‍රී ලංකා රජය නියෝජනය කර තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම මෙහෙයවීම සහ අධීක්‍ෂණය කිරීම එහි ස්වාධීන සභාපතිවරයාගේ පූර්ණ වගකීමයි. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ ස්වාධීන සභාපතිවරයා වශයෙන් නොවැම්බර් මස 01 වැනිදා සිට ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා වැඩ බාරගැනීමට නියමිතය. 


අදහස් (0)

ක්‍රිකට් දූෂණ මර්ධනයේ ලෝකෙටම ලොක්කා සුමති ධර්මවර්ධන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.