Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
අලුතෙන් ක්‍රීඩා ඇමතිවයරයකු පත්වීමෙන් පසුව, එම ක්‍රීඩා ඇමතිවරයාගේ ඡන්ද බල ප්‍රදේශයෙන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ සම්ප්‍රදාය තවදුරටත් ඉදිරියට ගෙන යමින්, වසර 2022 සඳහා වන ‘ශ්‍රී ලංකා ක්‍රිකට් මංපෙත’ වැඩසටහන් හෙට (ඉරිදා) සිට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 7 කදී වසර 2022 සඳහා වන ‘ශ්‍රී ලංකා ක්‍රිකට් මංපෙත’ වැඩසටහන් පැවැත්වේ.
ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ පහසුකම්වලින් තොර, දුෂ්කර පළාත්වල, ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් ජාතික කණ්ඩායම කරා පැමිණීමේ මාර්ගය විවර කරදීම සඳහා ‘ශ්‍රී ලංකා ක්‍රිකට් මංපෙත’ වසර ගණනාවකට ඉහතදී නිර්මාණය කරන ලද්දකි. එය ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක වන්නකි.
මෙම වැඩසටහන මගින් තෝරාගනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වයස 13 න් පහළ, වයස 15 න් පහළ, වයස 17 න් පහළ, වයස 19 න් පහළ සහ වයස 23 න් පහළ වශයෙන් කණ්ඩායම් ගත කෙරේ.
‘ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන ගමන් මග’ වැඩසටහන් ක්‍රියාත්මක වන දින සහ ස්ථාන පහත පරිදි වේ.
18 වැනිදා - පොලොන්නරුව රාජකීය විද්‍යාලය
19 වැනිදා - සෙවනපිටිය විදුහල
20 වැනිදා - අරලගංවිල, විලයාය ජාතික පාසල
21 වැනිදා - ලංකාපුර විජිත මධ්‍ය මහා විද්‍යාලය
22 වැනිදා - හිඟුරක්ගොඩ ඩඩ්ලි සේනානායක විද්‍යාලය
23 වැනිදා - මැදිරිගිරිය ජාතික පාසල
24 වැනිදා - බකමූණ මහවැලි ක්‍රීඩාංගණය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.