Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ක්‍රීඩා ඇමැතිවරයා විසින් පත් කළ බව පැවසෙන කමිටුවට එම කටයුත්ත සඳහා කිසිදු නෛතික බලයක් නැතැයි ක්‍රිකට් ආයතනය පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන්ගේ අවශ්‍යතා මත එම කටයුත්ත සඳහා මේ වන විටත් ජනාධිපති නීතිඥ නවින් මාරපන මහතාගේ සභාපතීත්වයෙන් යුත් දස පුද්ගල ස්වාධීන කමිටුවක් පත් කර තිබෙන බවත් මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය ඊයේ පුවත්පත් දැන්වීම් මගින් ප්‍රසිද්ධ කර තිබේ.
ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ සිය ආයතනයට ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා බාහිර කණ්ඩායමක සේවය ලබා ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නැති බවයි. මෙහි කෙටුම්පතක් සකස් කිරීමට බාහිර කණ්ඩායමකට කිසිදු බලයක් හෝ අනුමැතියක් පවරා නැති බවත් වැඩිදුරටත් අවධාරණය කරන ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් වන සමස්ත ක්‍රියාවලියම ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන බවද පවසයි.
ක්‍රිකට් ආයතනය ප්‍රසිද්ධ කළ දැන්වීමෙන් තවදුරටත් අවධාරණය කර ඇත්තේ සිය ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ අනන්‍ය වූ බලය සාමාජිකයන්ගේ වරලත් වරප්‍රසාදයක් වන බවයි.
ඒ අනුව මෙම කටයුත්ත ක්‍රිකට් ආයතනයේ නිසි ක්‍රියාකාරීත්වය බාධා පමුණුවන්නක් වන බැවින් එහි සාමාජිකයන්ගේ අයිතිවාසිකම් හා ක්‍රීඩාවේ යහ පැවැත්ම සඳහා අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් එම ආයතනය පවසයි. සනත් ජයසූරිය මහතාගේ සභාපතීත්වයෙන් යුත් පස් පුද්ගල තාක්ෂණික උපදේශක කමිටුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා පත් කිරීමට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පසුගිය අප්‍රේල් 11 වැනිදා කටයුතු කළේය.
ෆර්විස් මහරුෆ්, කපිල විජේගුණවර්ධන, චරිත් සේනානායක හා අසන්තද මෙල් යන මහත්වරු කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
එහිදී ඇමැතිවරයා කමිටුව අමතමින් පැවසුවේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටී ඇති බවත් ඒ සම්බන්ධයෙන් රටට වගකීමට බැඳී ඇත්තේ ක්‍රීඩා ඇමැතිවරයාට මිසක් අන්තර් ජාතික ක්‍රිකට් සභාවට හෝ වෙනත් රටකට නොවන බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.