Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් විමර්ශන වාර්තාව ක්‍රීඩා ඇමති අතට

ක්‍රිකට් විමර්ශන වාර්තාව ක්‍රීඩා ඇමති අතට

editorial - 2023 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාවේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ එයට අදාළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීම සඳහා පත්කරන ලද විමර්ශන කමිටුවේ වාර්තාව, එහි සභාපතිනිය විසින් ඊයේ (10 වැනිදා) ක්‍රීඩා අමාත්‍යවරයාට බාර දෙන ලදී

මෙම තරගාවලියේදී ඇතිවූ සිදුවීම් සම්බන්ධව සොයා බැලීම සඳහා විමර්ශන කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගත්තේය. ලෝක කුසලාන තරගාවලිය පසුගිය වසරේ ඔක්තෝබර් මස 16 වැනිදා සිට නොවැම්බර් මස 13 වැනිදා දක්වා පැවැත්විණ.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් පත්කරන ලද විමර්ශන කමිටුවට හිටපු අමාත්‍යංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල, විශ්‍රාමික රියාද් අද්මිරාල් ආනන්ද පීරිස් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලීන් ද අල්විස් යන මහත්වරුද නීතිඥ ශලනි රොශානා ප්‍රනාන්දු මහත්මියද ඇතුළත් වූහ.

- 223 


අදහස් (0)

ක්‍රිකට් විමර්ශන වාර්තාව ක්‍රීඩා ඇමති අතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.