Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක ඬේවිඞ් රිචඞ්සන් මහතා හමුවී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය කල්දැමීමට හේතු පැහැදිළි කර තිබේ. ක්‍රීඩා අමාත්‍යවරයා සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක ඬේවිඞ් රිචඞ්සන් යන මහත්වරු අතර හමුව ඊයේ (20) ඩුබායිහි පිහිටි අන්තර්ජාතික ක්‍රිකට් සභා මූලස්ථානයේදී පැවැත්විණි.
මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩා රෙගුලාසිවල පැවැති පරස්පරතාව පිළිබඳව ප්‍රධාන විධායකවරයා දැනුවත් කර ඒ හේතුවෙන් නිලවරණය දින 14 ක් පමණක් කල්දැමූ බවත් පෙබරවාරි මස 21 වැනිදා නිලවරණය පවත්වන බවත් දැනුවත්කර තිබේ.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක ඬේවිඞ් රිචඞ්සන් මහතා ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නොදැක්වූ බවද දැනගන්නට තිබේ.
ක්‍රිකට් නිලවරණය පෙබවාරි මස 9 වැනිදාට පෙර නොපැවැත්වීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තිබෙන අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාජිකත්වයට කිසිදු ප්‍රශ්නයක් නොවන බව ඩුබායි රාජ්‍යයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මීළඟ විධායක සභා රැස්වීම පෙබරවාරි මස 28 වැනිදා පැවැත්වෙන අතර එම රැස්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඡන්දයෙන් තේරී පත්වූ කමිටුවක නියෝජිතයා ඉදිරිපත් කිරීම මූලික අවශ්‍යතාව බවට පත්ව තිබේ.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.