Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ (පොලිස්) ඒකකයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් සම්බන්ධයෙන් කිසිම තොරතුරක් බාහිර පාර්ශ්වයන් වෙත දී නැති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. “ක්‍රීඩා පොලිසියේ ලොකු ලොකු නම් කියැවේ” යනුවෙන් පසුගිය 23 වැනිදා ලංකාදීප පුවත් පතේ ක්‍රීඩා පිටුවේ පළවූ වාර්තාවක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය එසේ කියයි.
“ක්‍රීඩා පොලිසියේ ලොකු ලොකු නම් කියැවේ” යනුවෙන් සඳහන් කරමින් පුවත් පල වී තිබුණද, මෙම විමර්ශනයට අදාළ කිසිම කරුණක් පිළිබඳව එම විශේෂ විමර්ශන ඒකකය මගින් බැහැරට තොරතුරු දී නැති” බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කරන ලද නිවේදනයෙන් අවධාරණය කෙරේ.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටීම පසුපස කුමන්ත්‍රණයක් ඇතැයි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා වහාම කැඳවා පරීක්‍ෂණයක් කරන ලෙස හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ (පොලිස්) ඒකකයට නියෝග කළේය. මුල් දිනයේදී පැය 5 ක පමණ කාලයක් තේරීම් කමිටු සභාපතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගත් ‘ක්‍රීඩා පොලිසිය’ පසුගිය 27 වැනිදා තවත් පැය 3 ක පමණ කාලයක් ඔහුගේ ප්‍රකාශ සටහන් කරගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.