Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
වයස 23 න් පහළ කාන්තා සුපිරි ලීග් විස්සයි-20 තරගාවලිය මේ මස 15 වැනිදා ආරම්භ වෙයි. කණ්ඩායම් 4 ක් සහභාගි වන මෙම තරගාවලිය 26 වැනිදා දක්වා දිවෙන අතර තරගාවලියේ සියලුම තරග ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
තරගාවලිය සඳහා කොළඹ, ගාල්ල, මහනුවර සහ දඹුල්ල යනුවෙන් කණ්ඩායම් 4 ක් නම්කර තිබේ. ඒ සෑම කණ්ඩායමකටම ක්‍රීඩිකාවෝ 15 දෙනෙක් ඇතුළත් වෙති. මනුදි නානායක්කාර (කොළඹ), රශ්මිකා සෙව්වන්දි (මහනුවර), විදුශිකා පෙරේරා (දඹුල්ල) සහ දෙව්මි විහංඟා (ගාල්ල) එක් රක් කණ්ඩායම්වල නායිකාවෝ ලෙසින් කටයුතු කරති.
තරග පැවැත්වෙන සෑම දිනයකම පෙරවරුවේදී සහ පස්වරුවේදී තරග දෙකක් පැවැත්වෙයි. මූලික වටය ලීග් පදනම මත පැවැත්වෙන අතර ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක, මැයි 26 වැනිදා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.