Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ ක‍්‍රිකට් තරගාවලියට සහභාගීවන අවසන් කන්තා කණ්ඩායම තෝරා ගැනීමට මැලේසියාවේදී පැවැත්වෙන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ මස 9 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමතව ඇත.
මේ මස 18 වැනිදා සිට 24 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වෙන අතර ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබාගනු ඇත.
ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙසින් චමරි අතපත්තු කටයුතු කරන්නීය.
රටවල් 5 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මැලේසියාව, ස්කොට්ලන්තය සහ කෙන්යාව ඇතුළත් වේ. ස්කොට්ලන්තයට එරෙහිව 19 වැනිදා පළමු තරගයට එක්වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, 20 වැනිදා කෙන්යාවට එරෙහිව ද, 22 වැනිදා මැලේසියාවට එරෙහිව සහ 24 වැනිදා බංග්ලාදේශයට එරෙහිවද තරග කරනු ඇත.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල මේ වසරේ ජූලි මස 28 වනදා සිට අගෝස්තු මස 8 වැනිදා දක්වා එංගලන්තයේදී පැවැත්වේ.
තරගාවලියට කණ්ඩායම් 8 ක් සහභාගිවන අතර මේ වනවිටත් කණ්ඩායම් 7 ක් පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලට කෙළින්ම සුදුසුකම් ලබාගෙන සිටිති.
සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රේණිගත කිරීම්හී පළමු ස්ථාන 6 තුල රැඳී සිටින ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප‍්‍රිකාව, පාකිස්තානය සහ බටහිර ඉන්දීය දූපත් නියෝජනය කරමින් බාර්බඩෝස් කණ්ඩායම් ඊට සුදුසුකම් ලබා තිබේ.
දූපත් සමූහයක් එක් වෙමින් බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් කණ්ඩායම නිර්මාණවී තිබුණද පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේදී ඔවුන් වෙන වෙනම තරග කරනු ලැබේ. එබැවින් බටහිර ඉන්දීය දූපත් අතර පැවැති තරගාවලියකින් පසුව පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල සඳහා එක්වීමට බාර්බඩෝස් කණ්ඩායම සුදුසුකම් ලබාගත්තේය.
කාණ්ඩ 2 ක් යටතේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ ක‍්‍රිකට් තරගාවලිය පැවැත්වෙන අතර ඒ ඒ කාණ්ඩයන්හි ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත.
‘ඒ’ කාණ්ඩය යටතේ ඕස්ටේ‍්‍රලියාව, බාර්බඩෝස්, ඉන්දියාව සහ පාකිස්තාය තරග කරනු ලබන අතර ‘බී’ කාණ්ඩය යටතේ එංගලන්තය, නවසීලන්තය, දකුණු අප‍්‍රිකාව සහ මැලේසියාවේදී පැවැත්වෙන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය ජයගන්නා කණ්ඩායම කී‍්‍රඩා කරයි.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.