Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
කර්ටිස් කැම්පර් (නොදැවී 72) සහ ජෝර්ජ් ඩොක්රල් (නොදැවී 39) දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 119 ක සම්බන්ධතාව නිසා, හොබාර්ට්හිදී අද (19 වැනිදා) පැවැති සුදුසුකම් තේරීමේ තරගයේදී, අයර්ලන්ත ක්‍රීඩකයෝ පහසුවෙන්ම ස්කොට්ලන්තය පරදවා කඩුලු 6 ක ජයක් අත්කර ගත්හ. එහෙත් දෙපිලම තරගයක් බැගින් ජයගෙන සිටීම නිසා ප්‍රසාද ලකුණු පුවරුවේ ශුද්ධ ලකුණු වේගය අනුව ස්කොට්ලන්තය ඉදිරියෙන් සිටී.
සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ දරුණු පරාජයක් ලද අයර්ලන්ත පිලේ මෙම ජයග්‍රහණය හේතුවෙන් සුදුසුකම් තේරීමේ තරග වටයේදී ‘බී’ කාණ්ඩය බෙහෙවින් විවෘත ස්වරූපයක් ගෙන තිබේ.
මයිකල් ජෝන්ස්ගේ පිත්තෙන් ගලා ආ ලකුණු 86 ත් සමගින් ස්කොට්ලන්ත පිතිකරුවෝ මෙවර ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 176 ලබාගත්තේ කඩුලු 5 ක් අතැතිව තිබියදීය. පසුව එය ආරක්‍ෂා කරගැනීමට ගත් උත්සාහයේදී අයිරිෂ් ජාතිකයන්ගේ කණ්ඩායම ඕවර 10 ක් අවසානයේදී ලකුණු 65 කට ද සීමා කරගත්හ.
අයර්ලන්ත ඉනිම ආරම්භයේදීම කඩා වැටිණ. නායක ඇන්ඩි බැල්බිරින් සහ පෝල් ස්ටියර්ලිං කලින්ම දැවී ගියහ. ලකුණු 28 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ලෝකන් ටකර් සහ හැරී ටෙක්ටර් දෙදෙනා පන්දු 6ක් ඇතුළත දැව ගිය හෙයින් අයර්ලන්ත ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 4 ක් දැවී ලකුණු 61 ක් ලෙසිනි.
කිසිවකු අපේක්‍ෂා නොකළ මොහොතක එක්වූ කර්ටිස් කැම්පර් (පන්දු 32 න් ලකුණු 69) සහ ජෝර්ජ් ඩොක්රල් (පන්දු 27 න් ලකුණු 39) දෙදෙනා ලකුණු 119 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් අයර්ලන්ත කණ්ඩායමට තරගයේ ජයග්‍රහණ ඇද දුන්හ.
කැම්පර් සහ ඩොක්රල් දෙදෙනාගේ ප්‍රහාරය ආරම්භ වීමත් සමගින් සියල්ලම අයර්ලන්ත පිලේ වාසියට සිදුවූයේය. අවසන් ඕවර 5 දී අයර්ලන්ත ජයග්‍රහණටය සඳහා ලකුණු 52 ක් අවශ්‍යව තිබිණ. එහෙත් එය ඕවර 4 කදී ලබාගැනීමට මෙම පිතිකරුවෝ දෙදෙනා සමත් වූහ.
ස්කොට්ලන්තය - ඕවර 20 කදී කඩුලු 5 ට 176 යි
(මයිකල් ජෝන්ස් 86, මැතිව් ක්‍රොස් 28, රිචී බැරිංග්ටන් 37, මයිකල් ලීස්ක් නොදැවී 17, කර්ටිස් කැම්පර් 09/2)
අයර්ලන්තය - ඕවර 19 කදී කඩුලු 4 ට 180 යි
(ඇන්ඩි බිල්බරින් 14, ලෝකන් ටකර් 20, හැරී ටෙකර් 14, කර්ටස් කැම්පර් නොදැවී 72, ජෝර්ජ් ඩොක්රල් නොදැවී 39)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.