Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කැලණි හටන ජය පැරදුමෙන් තොරයි

කැලණි හටන ජය පැරදුමෙන් තොරයි

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැලණිය ගුරුකුල විදුහල සහ ශ්‍රී ධර්මාලෝක විදුහල අතර 31 වැනි වරටත් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති ‘කැලණි හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (27 වැනිදා) ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

තරගය නිමාවට පත්වන විට පන්දුවට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ධර්මාලෝක විදුහල් කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 199 ක් ලබා සිටියේය. එහිදී ධර්මාලෝක විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට සුභූති මිල්ෂාන් (නොදැවී 62) සමත් විය.

පළමු දිනය වූ ඊයේ (26 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටි ගුරුකුල විදුහල් ක්‍රීඩකයෝ අද දිනයේදී තවත් ලකුණු 119 ක් එක්කර ගැනීමෙන් අනතුරුව සිය පළමු ඉනිම අත්හිටුවා ධර්මාලෝක විදුහලට පන්දුවට පහරදීමට ආරාධනා කර සිටියහ.

ගුරුකුල පළමු ඉනිම නිමාවන කෙත්ම කඩුල්ලේ රැදී සිටි රෂ්මික මෙවන් (නොදැවී 104) ශතකයක් ලබාගත් අතර කෙමිර නයනතරු (නොදැවී 90) සහ නුවන් චානක (54) අර්ධ ශතක ලබාගත්හ.


ධර්මාලෝක විදුහල් පළමු ඉනිම - ඕවර 44.1 කදී සියලු දෙනා දැවී 118
(යුගීෂ දිල්ෂාන් 51, දිලිප් චාමර 07/3, නුවන්ත මධුෂාන් 15/2, ප්‍රවීන් නිමේෂ් 22/2)

ගුරුකුල විදුහල් පළමු ඉනිම - ඕවර 60 කදී කඩුලු 3 ක් දැවී 266
(රෂ්මික මෙවන් නොදැවී 104, කෙමිර නයනතරු නොදැවී 90, නුවන් චානක 54)

ධර්මාලෝක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 83 කදී කඩුලු 7 ක් දැවී 199
(සුභූති මිල්ෂාන් නොදැවී 62, ලක්ෂිත බොතේජු 28, ලික්ෂාන් සසංග 38/2, දිලිප් චාමර 42/2, ප්‍රවීන් නිමේෂ් 55/2)


- 036

 


අදහස් (0)

කැලණි හටන ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.