Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කැලණි වැලි හටනේ ජය රාජසිංහ මැදි විදුහලට

කැලණි වැලි හටනේ ජය රාජසිංහ මැදි විදුහලට

editorial - 2025 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

බෝමිරිය මැදි විදුහල සහ කුඩාබත්ගමුව ශ්‍රී රාජසිංහ විදුහල අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති 3 වැනි ‘කැලණි වැලි සටන’ වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී රාජසිංහ විදුහල සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුනු 92 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී රාජසිංහ විදුහල් ක්‍රීඩකයෝ ඕවර 25.3 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. පන්දු 25 කදී හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 22 ක් රැස්කළ දිල්පහන් කුමාර සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් බෝමිරිය මැදි විදුහලට ශ්‍රී රාජසිංහ විදුහල් පන්දු යවනන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 30.5 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 91 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ රුවිත් නිලකුණු ඕවරයක්ද සමග ඕවර 9 ක් යවමින් ලකුණු 18 කට කඩුලු 3 ක් දවාගත්තේය. 


බෝමිරිය මැදි විදුහල - ඕවර 30.5 කදී සියලු දෙනා දැවී 91 
(කවිඳු ලක්සර 14, රුවිත් චමත්ක 18/3, සිහත් නිම්සර 02/2, පසිඳු මිහිරංග 14/2) 

ශ්‍රී රාජසිංහ විදුහල - ඕවර 25.3 කදී කඩුලු 8 ක් දැවී 92  
(ලකිඳු මධුෂංක 14, දිල්පහන් කුමාර නොදැවී 22, සුරංග නිර්මාල් 29/4) 


අදහස් (0)

කැලණි වැලි හටනේ ජය රාජසිංහ මැදි විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.