Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) හි දෙවන තරගාවලියේ ආරම්භයට මාසයක් පමණ කාලයක් තිබියදී, කොළඹ කිංග්ස් සහ දඹුල්ල වයිකිංග් කණ්ඩායම්හි හිමිකාරිත්වය අත්හිටුවීමට තරගාවලියේ අළෙවි හිමිකාරත්වය හිමි අයි.පී.ජී සමාගම තීරණය කර තිබේ. මූල්‍යමය ගැටළුවක් හේතුවෙන් මෙම කණ්ඩායම් හිමිකාරිත්වය අත්හිටුවා තිබේ.
ඒ අනුව ලංකා ප්‍රිමියර් ලීග් දෙවැනි තරගාවලිය සඳහා ඉදිරිපත්වන අදාළ කණ්ඩායම් දෙක නව හිමිකාරීත්වයක් යටතේ, නව නාමයන් සහ ලාංඡන සහිතව තරග කරනු ඇත. මින් පෙර කොළඹ කණ්ඩායමේ හිමිකාරීත්වය මුර්ෆාඩ් මුස්තාෆා විසින් ද, දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය බොලිවුඩ් නලු සචින් ජෝෂි විසින් ද දරනු ලැබූහ.
2020 සිට 2024 දක්වා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නිල අළෙවි අයිතිවාසිකම් හිමිකරුවන් ලෙස, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමගින් ඇතිකරගත් ගිවිසුමට අනුව අයි.පී.ජී සමාගම, තරගාවලියේ කණ්ඩායම් හිමිකාරිත්වය විකිණීමේ එකම බලයලත් ආයතනය වේ.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සම්බන්ධයෙන් බොහෝ උනන්දුවක් දක්වන විවිධ පාර්ශ්වයන්ගෙන් මේ වනවිට නව හිමිකාරිත්වය සඳහා ඉල්ලීම් ලැබී ඇත. ඒ අනුව, ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ අවශ්‍යතාවයන්ට අනුකූලව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුම්ගත බැඳීම්වලට අනුකූලව එම කණ්ඩායම් සඳහා නව හිමිකරුවන් එක්කර ගැනීමට අවශ්‍ය අනුමැතිය සඳහා සියලුම ලේඛන ඉදිරිපත් කර ඇත.
ලංකා ප්‍රිමියර් ලීග් දෙවන තරගාවලිය ජූලි 30 වැනිදා ආරම්භ වන අතර අවසන් තරගය අගෝස්තු 22 වනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා තහවුරු කළේය.
පසුගිය වසරේ නොවැම්බර් 26 සිට දෙසැම්බර් 16 දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලංකා ප්‍රිමියර් ලීග් සමාරම්භක තරගාවලිය ජෛව ආරක්‍ෂිත බුබුලු තුල පවත්වන ලදී. රූපවාහිනී, ඩිජිටල්-සමාජ ජාලා සහ සාම්ප්‍රදායික මාධ්‍ය ආයතන හරහා මිලියන 557 ක ජනතාවක් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය වටා එක්රැස් වූහ.
සමාරම්භක තරඟාවලියේ සාර්ථකත්වය නිසා එළඹෙන තරගාවලියද ඉතා ජවසම්පන්න ලෙස පැවැත්වීමට සුදුසුම අවස්ථාව මෙයි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාස කරයි.
පසුගිය වසරේ සාර්ථකත්වයත් සමඟ, විදේශීය ක්‍රීඩකයින්ගේ හොඳ සහභාගිත්වයක්, කණ්ඩායම් හිමිකරුවන් අතර වැඩි තරඟකාරිත්වයක්, අනුග්‍රාහකයන්ගේ උනන්දුව වැඩි කිරීම සහ ලොව පුරා සිටින රසිකයින්ගේ සහභාගීත්වය තවදුරටත් ඉහළ නැංවීම වඩාත් වැදගත් බව තරගාවලියේ අධ්‍යක්‍ෂකවරයා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවින් වික්‍රමරත්න මහතා පැවසීය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.