Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කිත්ම සිත්මල්ගෙන් දින 2ට ලකුණු 400 ක්

කිත්ම සිත්මල්ගෙන් දින 2ට ලකුණු 400 ක්

editorial - 2021 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නෙල්සන් මෙන්ඩිස් අභියෝග කුසලාන වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පිට පිට දින දෙකක පැවැති තරග දෙකකදී ද්විත්ව ශතයක් සහ ශතකයක් වාර්තා කිරීමට මයිටි ක්‍රිකට් විද්‍යායතනයේ නායක කිත්ම සිත්මල් සමත් විය.
 
එහිදී එස්.ආර්. ක්‍රිකට් විද්‍යායතනයට එරෙහිව පසුගියදා කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාල විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී පන්දු 89 කට මුහුණ දුන් සිත්මල්, හයේ පහර 28 ක් සහ හතරේ පහර 21 ක් සමග ලකුණු 263 ක් රැස්කළේය.

ඉන් නොනැවතුන ඔහු, ඊට පසු දින, එන්.වී. ක්‍රිකට් විද්‍යායතනයට එරෙහිව, ජා ඇලදී පැවැති තරගයේදී පන්දු 58 කින් හයේ පහර 10 ක් සහ හතරේ පහර 13 ක් සමග ලකුණු 138 ක් රැස්කිරීමටද සමත් විය. එහිදී ඔහු පන්දු 36 කින් ශතකය සම්පූර්ණ කළේය.

කොළඹ ආනන්ද විදුහලේ ඉගෙනුම ලබන සිත්මල්, එම විදුහල් වයස 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු ලෙසද කටයුතු කරයි.


-036

 


අදහස් (0)

කිත්ම සිත්මල්ගෙන් දින 2ට ලකුණු 400 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.