Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කී‍්‍රඩා ඇමතිවරයාට එවූ ලිපිය

කී‍්‍රඩා ඇමතිවරයාට එවූ ලිපිය

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ගරු මහින්දානන්ද අලූත්ගමගේ
කී‍්‍රඩා අමාත්‍ය,
කී‍්‍රඩා අමාත්‍ය කාර්යාලය, අංක 33, ටොරින්ටන් මාවත, කොළඹ 07, ශී‍්‍ර ලංකාව.
2013 සැප්තැම්බර් 6 වැනිදා

ප‍්‍රිය ඇමතිතුමනි,

ඔබගේ රටේ ක‍්‍රීඩා ව්‍යවස්ථාව නිසා ශ්‍රී ලංකාවේ ඔලිම්පික් ව්‍යාපාරය තවමත් බරපතළ ගැටලූ ගණනාවකට මුහුණදී ඇති බව අපට දැන ගන්නට ඇත.
පසුගිය වසර කීපය තුළදීම, ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව සමගද එක්ව, ඒ සම්බන්ධයෙන් ඔබ ආණ්ඩුවේ බලධාරීන්ට අපගේ බරපතල කණස්සල්ල නිල නොවන ආකාරයෙන් සහ වඩාත් ආචාරශීලී ලෙසින් දැනුම් දීමටත්, ප‍්‍රකාශ කිරීමටත් අප උත්සාහ කළේ එය ප‍්‍රමාණවත් වන්නේ යැයි බලාපොරොත්තුවෙනි.

අප එයින් අදහස් කරන්නේ 2010 ඔක්තෝබර් මාසයේදී ඇකැපුල්කෝ හිදී (මෙක්සිකෝවේ නගරයකි) ඔබගේ රජයේ නියෝජිතයන් සමග ජගත් ක‍්‍රීඩා සමුළුව පැවති අවස්ථාවේදී සහ 2012 නොවැම්බර් මාසයේදී මැකාවෝහි පැවැති ආසියානු ඔලිම්පික් කමිටුවේ මහා සභා රැස්වීම පැවති අවස්ථා ගැනය.

අවාසනාවකට මෙන් ඒ සියලූ ප‍්‍රයත්නයන් නොසලකා හැර ඇති බව පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ ඔලිම්පික් ව්‍යාපාරය තවමත් ඉතා දුෂ්කර තත්ත්වයක සිටින හෙයිනි.
ඔබ දන්නා පරිදි දැනට පවතින ක‍්‍රීඩා ව්‍යවස්ථාව (කී‍්‍රඩා පනත) ශ්‍රී ලංකාවේ ඔලිම්පික් ව්‍යාපාරයට අයත් සංවිධානවල ස්වාධීන භාවයට විශාල බලපෑමක් කරයි. එය ඔලිම්පික් ප‍්‍රඥප්තියේ මූලධර්මයකට පටහැණිය.

අංක 25 දරණ ක‍්‍රීඩා නීතිය, විශේෂයෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවට අදාළ වන වගන්ති වන 18 සිට 21 දක්වාත්, ජාතික ක‍්‍රීඩා සම්මේලනවලට අදාළ III කොටස, මෙන්ම ඉන්පසුව නිකුත් කරන ලද රෙගුලාසිත් අපි ඉතා සැලකිල්ලෙන් පරික්ෂා කළෙමු. එම නියෝග ඔලිම්පික් ප‍්‍රඥප්තිය හා ඔලිම්පික් ව්‍යාපාරයේ මූලධර්මවලට නොගැලපෙන බව පැහැදිලිය.

මෙම ගැටළු පිළිබඳ අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ (IOC) සහ ආසියාවේ ඔලිම්පික් සංගමයේ (OCA) ඒකාබද්ධ අවතීර්ණවීම හා ස්ථාවරය 2013 මාර්තු 12 වැනිදා ඔබට ද පිටපතක් සහිතව ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවට ලිපියකින් දැනුම් දුන්නෙමු. ඔබගේ ඉල්ලීම පරිදි එහි පිටපතක් ඔබගේ අමාත්‍යාංශයට ද බාර දුන්නෙමු.

අපගේ ස්ථාවරයට පහත සඳහන් කොටස් ද සරලව එකතු කිරීමට කැමැත්තෙමු.

ජාතික ඔලිම්පික් කමිටුව රජයේ සතු වස්තුවක් නොවන අතර ඒ බව පිළිගෙන කටයුතු කළ යුතුය. ස්වායත්ත සංවිධානයක් වන එයට ඊට සුවිශේෂ වූ නෛතික තත්ත්වයක් පවතින අතර එය මූලික වශයෙන් පාලනය වන්නේ ඔලිම්පික් ප‍්‍රඥප්තියෙන් හා ඔවුන්ගේ ව්‍යවස්ථාවෙනි. ඒ අනුව එහි පැවැත්ම රඳා පවතින්නේ මූලික වශයෙන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ පිළිගැනීමෙනි. සත්‍ය වශයෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවක් පිළිගැනීමටත් එවැනි සංවිධානයක් ”ජාතික ඔලිම්පික් කමිටුවක්” වශයෙන් නම් කිරීමට, හැඳින්වීමට හෝ එසේ සඳහන් කිරීමට හා ක‍්‍රියාත්මක වීමට බලය පැවරිය හැක්කේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට පමණි.

ඉන් අදහස් වන්නේ විශේෂයෙන්ම රජයේ අධිකාරීන්ට ඡුන්ද විමසීමේ ක‍්‍රියාවලියට මැදිහත්වීමට, සාමාජිකයන් පත්කිරීමට, අභ්‍යන්තර රීති හා මෙහෙයුම් තීරණය කිරීමට ව්‍යවස්ථා අනුමත කිරීම යනාදිය සම්බන්ධයෙන් කිසිම නීතිමය බලයක් නැත්තේය යන්නයි.

එවැනිම හේතු දැක්වීමක් ජාතික ක‍්‍රීඩා සම්මේලන සම්බන්ධයෙන්ද යෙදිය හැකිය. ඒවායේ අභ්‍යන්තර මෙහෙයුම් නියාමනය විය යුත්තේ ඒවා අනුබද්ධවී ඇති අන්තර්ජාතික සම්මේලනවල රීතීන්ට අනුකූල වූත් ඒවායේ ව්‍යවස්ථාත් අනුවය.

රටක ක‍්‍රීඩා ව්‍යවස්ථා ස්ථාපනය කළ යුත්තේ පොදු රාමුවට සේවයක් වන ආකාරයට හා ජාතික මට්ටමේ අදාළ සියලූ පාර්ශවයන්ගේ අන්‍යෝන්‍ය ක‍්‍රියාකාරිත්වයක් ලෙසිනි. කෙසේ වුවත් එය (කී‍්‍රඩා ව්‍යවස්ථාව) ජාතික ඔලිම්පික් කමිටුවේ හෝ ජාතික ක‍්‍රීඩා සම්මේලනවල අදාළ ව්‍යවස්ථාවන්ට ආදේශක වශයෙන් හෝ අභ්‍යන්තර මෙහෙයුම් නියාමනය සඳහා යොදා නොගත යුතුය.

ජාතික ඔලිම්පික් කමිටුව හා ජාතික ක‍්‍රීඩා සම්මේලන ජාතික මට්ටමේ පරිපාලන වශයෙන් ලියාපදිංචි විය යුතු වුවත් එය හුදෙක් පරිපාලනමය ක‍්‍රියා පටිපාටියක් විනා එය කිසිසේත් මෙම සංවිධානවලට ඔවුන් අනුබද්ධවී ඇති හෝ ඔවුන් පිළිගනු ලැබූ අන්තර් ජාතික ක‍්‍රීඩා ආයතනවල රීතීන් හා එම සංවිධානවල ව්‍යවස්ථාවන්ට අනුකූලව මේ අභ්‍යන්තර කටයුතු පවත්වා ගැනීමේ ස්වායත්ත භාවයට බලපෑමක් නොවන සේය.

කිසිම ජාතික ක‍්‍රීඩා සංවිධානයකට අදාළ අන්තර්ජාතික ක‍්‍රීඩා ආයතන විසින් අනුබද්ධවීමට හෝ පිළිගැනීමක් ලබාගැනීමට බලකිරීමක් සිදුවන්නේ නැත. එහෙත් අන්තර්ජාතික ක‍්‍රීඩා තරගයකට සහභාගිවීමේදී එය පූර්ව කොන්දේසියක් වන අතර කිසියම් කී‍්‍රඩාවක ජාතික සංවිධානයක් ජාත්‍යන්තර මට්ටමේ ඔලිම්පික් ව්‍යාපාරයේ කොටස්කරුවෙක් වීමට නිදහසේ තීරණය කරන්නේ නම් අන්තර්ජාතික ක‍්‍රීඩා ආයතනවල මූලධර්මවලට හා රීතීන්ට අනුකූල වීමට සුදුසු තත්ත්වයක සිටිය යුතුය. එසේ නොවන්නේ නම් අන්තර්ජාතික ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ එම රට නියෝජනය වීමට ආකාරයක් නැත.

2013 මාර්තු 12 දින ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවට යවන ලද ලිපියෙන් අප පැහැදිලිවම ප‍්‍රකාශ කළ ආකාරයට හා ඉහතින් සඳහන් කළ මූලධර්ම අනුවත් ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව හා ජාතික ක‍්‍රීඩා සම්මේලන සමග සමීපව හා සහයෝගයෙන් මෙම තත්ත්වය ඉක්මනින්ම නිවැරදි කිරීමටත්, ඔලිම්පික් ව්‍යාපාරය පාලනය වන මූලධර්ම හා රීතීන්ට සම්පූර්ණයෙන්ම අනුකූල වන ආකාරයට පවතින ක‍්‍රීඩා ව්‍යවස්ථා සංශෝධනය කිරීම තහවුරු කිරීමටත් ඔබගේ අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිමු.

විශේෂයෙන්ම ජාතික ක‍්‍රීඩා සංවිධානවල ස්වායත්ත භාවයට හා නීතිමය බලතල වලට පැහැදිලිවම බලපෑමක් වන ක‍්‍රීඩා ව්‍යවස්ථාවේ විශේෂිත විධිවිධාන ඉවත් කළ යුතුය. ඒ ජාතික ක‍්‍රීඩා සංවිධානවලට අදාළ ජාත්‍යන්තර ක‍්‍රීඩා සංවිධානවල මූලධර්ම හා රීතීන්ට අනුකූල වන ආකාරයට තම අභ්‍යන්තර රෙගුලාසි හා මෙහෙයුම් ස්ථාපනය කර ගැනීම සඳහාත් ඒවා රටේ පවත්නා නීතියට අනුගත වීම සඳහාත්ය.

තමන්ට අනුබද්ධවී ඇති ජාතික ක‍්‍රීඩා සම්මේලන සම්බන්ධයෙන් මෙම තත්ත්වය පරික්ෂාකාරීව සැලකිල්ලට ගැනීම සඳහා මෙම ලිපියේ පිටපත් ඒ ඒ කී‍්‍රඩාවන්ට අදාළ සියලූ අන්තර්ජාතික ක‍්‍රීඩා සම්මේලනවලටත් යවන බව කරුණාවෙන් සටහන් කරගන්න.

මෙම තත්ත්වය වහාම නිවැරදි කිරීමට නිශ්චිතව හා උනන්දුවෙන් පියවර නොගන්නේ නම් අන්තර්ජාතික ක‍්‍රීඩා සම්මේලන ඒ සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීමට පෙළඹෙනු නියතය. එවන් තත්ත්වයක් ඇතිවුවහොත් එය අන්තර්ජාතික ක‍්‍රීඩා තරඟවලදී ශී‍්‍ර ලංකාවේ නියෝජනය සම්බන්ධයෙන් ප‍්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිකරනු ඇත.

මතුවී ඇති සියලූ ගැටළු වගකීමෙන් යුතුව විසඳා ගැනීමටත්, ඔබගේ රටේ ක‍්‍රීඩා සහ ක‍්‍රීඩකයන්ගේ යහපත සඳහාත්, අන්‍යෝන්‍ය අවබෝධය ගරුත්වය හා විශ්වාසය පදනම්වූ හවුල්කාරිත්වයක් සඳහාත් ඵලදායි සම්බන්ධතාවයක් ස්ථාපිත කිරීමට ජාතික ඔලිම්පික් කමිටුව හා ජාතික ක‍්‍රීඩා සම්මේලන සමග රජයේ බලධාරීන්ට සාකච්ඡුා කළ හැකියැයි විශ්වාස කරමු.

අපි ඔබගේ කඩිනම් ප‍්‍රතිචාරයත් මෙම තත්ත්වය ඉක්මණින් විසඳීමට ඔබගේ ඉදිරිපත්වීම හා සැලැස්ම අපේක්ෂා කරමු. ඒ අතරතුර ඔබට කිසියම් පැහැදිලි කිරීමක් හෝ සහායක් අවශ්‍ය වන්නේ නම් ඒ සියල්ල ලබාදීමට හැමවිටම අපි සූදානමින් සිටිමු.

ඔබේ හිතවත්
පියරේ මීරෝ
ජාතික ඔලිම්පික් කමිටු සම්බන්ධතා අධ්‍යක්‍ෂක
(අන්තර්ජාතික ඔලිම්පික් කමිටු මූලස්ථානය)

සහ
හුසේන් අල් මුසලාම්
අධ්‍යක්‍ෂ ජනරාල් සහ තාක්‍ෂණික අධ්‍යක්‍ෂක
(ආසියානු ඔලිම්පික් සංගමය)

පිටපත් :
අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ එවකට හිටපු සභාපති - ජැක් රොගී මහතා
ආසියානු ඔලිම්පික් සංගමයේ සභාපති - ෂෙයික් අහමඞ් අල් ෆහාඞ් මහතා
ගිම්හාන ඔලිම්පික් කී‍්‍රඩා සංගම් සම්මේලනයේ සභාපති - ෆ‍්‍රැන්සෙස්කෝ රිකී බිටී මහතා
සියලූම අන්තර්ජාතික කී‍්‍රඩා සම්මේලන
ජාතික ඔලිම්පික් කමිටුව - ශී‍්‍ර ලංකාව

 


අදහස් (2)

කී‍්‍රඩා ඇමතිවරයාට එවූ ලිපිය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.