Last Update  :  2024-11-22 11:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කුලරත්න - තක්ෂිලා ‘බී’ කාණ්ඩයේ සම ශූරතා දිනති

කුලරත්න - තක්ෂිලා ‘බී’ කාණ්ඩයේ සම ශූරතා දිනති

editorial - 2022 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ සම ශූරතා දිනාගැනීමට අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහලත්, හොරණ තක්ෂිලා විදුහලත් සමත් විය. කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ අවසන් මහ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීම නිසා මෙම කණ්ඩායම් දෙකටම සම ශූරතාව හිමිවිය. 

සම ශූරතා දිනාගැනීම නිසා කුලරත්න විදුහලට සහ තක්ෂිලා විදුහලට රුපියල් 162,500 ක් බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් වී තිබේ. 

අර්ධ අවසන් පූර්ව තරගයේදී ජා ඇල ක්‍රිස්තුරාජ විදුහලට එරෙහිව ලකුණු 70 ක ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට පිවිසි තක්ෂිලා විදුහල, අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ එහිදී ගම්පහ බණ්ඩාරනායක විදුහලට එරෙහිව ලකුණු 16 ක ජයක් වාර්තා කරමිනි. 

කුලරත්න විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අර්ධ අවසන් පූර්ව තරගයේදී පානදුර රාජකීය විදුහලට එරෙහිව ලකුණු 24 ක ජයක් වාර්තා කරමිනි. කෝට්ටේ ජනාධිපති විදුහලට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් ජය පැරදුමකින් තොරව නිමාවට පත්වුවද, එහිදී ලබාගත් ලකුණුවල සාමාන්‍යය අනුව කුලරත්න ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට පිවිසියහ. 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති සහ කොළඹ නාලන්දා විදුහලේ විදුහල්පති තිලක් වත්තුහේවා, එම සංගමයේ ජේෂ්ඨ උප සභාපති සහ කොළඹ ඉසිපතන විදුහලේ විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න, සංගමයේ උප සභාපති සහ පී. ද එස්. කුලරත්න විදුහලේ විදුහල්පති ජගත් සෙනවිරත්න යන මහත්වරු ත්‍යාග ප්‍රදානෝත්සවට සහභාගී වූහ. 

 


අදහස් (0)

කුලරත්න - තක්ෂිලා ‘බී’ කාණ්ඩයේ සම ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.