Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් මහ තරගයේදී අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහලට එරෙහිව හොරණ තක්ෂිලා විදුහල ඉරිදා (10 වැනිදා) කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට නියමිතය.
මෙවර තරගාවලියේදී අංජන ජයලත් විසින් තක්ෂිලා විදුහල් කණ්ඩායමේ නායකත්වය දරනු ලබන අතර අකිල චතුරංග විසින් කුලරත්න විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබයි.
අර්ධ අවසන් පූර්ව තරගයේදී ජා ඇල ක්‍රිස්තු රාජ විදුහලට එරෙහිව ලකුණු 70 ක ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට පිවිසි තක්ෂිලා විදුහල, අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ ගම්පහ බණ්ඩාරනායක විදුහලට එරෙහිව ලකුණු 16 ක ජයක් වාර්තා කරමිනි.
කුලරත්න විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අර්ධ අවසන් පූර්ව තරගයේදී පානදුර රාජකීය විදුහලට එරෙහිව ලකුණු 24 ක ජයක් වාර්තා කරමිනි. කෝට්ටේ ජනාධිපති විදුහලට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් ජය පැරදුමකින් තොරව නිමාවට පත්වුවද, එහිදී ලබාගත් ලකුණුවල සාමාන්‍යය අනුව කුලරත්න ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට පිවිසියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.