Last Update  :  2025-03-21 20:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කුල්දීප් වෙනුවට පටේල් කැඳවයි

කුල්දීප් වෙනුවට පටේල් කැඳවයි

editorial - 2022 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා චයිනමන් පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක අක්සාර් පටේල් ඉන්දීය සංචිතයට කැඳවා ඇත. දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය එළබෙන සෙනසුරාදා (12 වැනිදා) බැංගලෝර්හිදී ආරම්භ වීමට නියමිතය. 

බත්කෙණ්ඩේ ආබාධයක් හේතුවෙන් පටේල්ට ඉන්දීය කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඉන්දියාවේදී පැවැති විස්සයි-20 තරගාවලියද අහිමිවිය. ඊට අමතරව මෑතකදී ඔහුට කොවිඩ්-19 වයිරසයද ආසාදනය විය. 

කෙසේ වුවත් මේ වන විට සියලුම ආබාධ තත්ත්වයන්ගෙන් පූර්ණ සුවය ලබා සිටීම හේතුවෙන් යළිත් ඔහුව ඉන්දීය සංචිතයට කැඳවා ඇති අතර ඔහුගේ එක්වීමත් සමග කුල්දීප් යාදව් ටෙස්ට් සංචිතයෙන් නිදහස් කර ඇත. 

-036 


අදහස් (0)

කුල්දීප් වෙනුවට පටේල් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.