Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර 93 වැනි වරටත් පැවැත්වෙන 'සුලෝහිත සංග්‍රාමය' වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (4 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ආනන්ද විදුහල කඩුල්ලක් දැවී ලකුණු 65 ක් ලබා සිටියේය.
ඒ අනුව ආනන්ද විදුහල තවත් කඩුලු 9 ක් ඇතැතිව නාලන්දා විදුහලට වඩා ලකුණු 215 ක් පසුපසින් සිටින අතර පළමු දිනය නිමාවට පත්වන විට කාංචන ද ලිවේරා හතරේ පහර 6 ක් සමග ලකුණු 33 ක්ද, ආශිංස නයිනායක හතරේ පහර 2 ක් සමග ලකුණු 15 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් නාලන්දා විදුහල කඩුලු 5 ක් දැවී ලකුණු 280 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවා ආනන්ද විදුහලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. ලකුණු 55 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී කුෂ්මිත සිල්වා (57) සමග එක්වූ එරංග ජයකොඩිගේ (83) නාලන්දා ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 124 ක සම්බන්ධතාවක් ගොඩනැගූවේය.
කුෂ්මිතගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත වෙද්දී, එරංගගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය. ඔවුන් දෙදෙනා දැවී යෑමෙන් අනතුරුව පිටියේ එක්වූ නායක චනුල් අතුකෝරල (නොදැවී 44) සහ සෙනෙෂ් විජේසිංහ (නොදැවී 40) 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 74 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩගනමින් නාලන්දා පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
නාලන්දු විදුහල් පළමු ඉනිම - කඩුලු 5 කට 280
(රුසිරු විලෝචන 32, කුෂ්මිත සිල්වා 57, එරංග ජයකොඩි 83, චනුල් අතුකෝරල නොදැවී 44, සෙනෙෂ් විජේසිංහ නොදැවී 40, අයේෂ් ශෂිමාල් 55/2, කවීෂ ඉමාෂ 61/2)
ආනන්ද විදුහල් පළමු ඉනිම - කඩුලු 1 කට 65
(කාංචන ද සිල්වා නොදැවී 33, ආශිංස නයිනායක නොදැවී 15)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.