Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කුසල් ජනිත් පෙරේරා (57) සහ තිලකරත්න ඩිල්ෂාන් (නොදැවී 59) දෙදෙනාගේ විශිෂ්ට පිතිහරඹය නිසා මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී අද (21 වැනිදා) පැවැති දෙවැනි විස්සයි/20 තරගයේදී නවසීලන්තය පරදවා කඩුලූ 8 ක අනගි ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය.
ලකුණු 143 ක ඉලක්කයක් හඹා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම, පන්දු 13 ක් ඉතිරිව තිබියදීම, කඩුලූ 2 ක් දැවී ලකුණු 143 ක් ලබා ගනිමින් විස්සයි/20 කි‍්‍රකට් ලෝකයේ අංක 1 හිමි කණ්ඩායම තමන් බව නැවත වරක් තහවුරු කළේය.
නවසීලන්ත කී‍්‍රඩකයන් උඩ පන්දු දෙකක්ම බිම දැමීම නිසා ඉන් අනගි ප‍්‍රයෝජන ගත් කුසල් පෙරේරා පන්දු 37 කින් ලකුණු 57 ක් උදුරා ගත්තේ දැවැන්ත හයේ පහර දෙකක් සහ හතරේ පහර 6 කින් සිය ඉනිම සරසමිනි. කුසල් සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 71 කදී ලකුණු 96 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට සමත් වූ නමුත් ප‍්‍රහාරය කුසල්ට බාර දුන් ඩිල්ෂාන් තමන්ගේ අන්තයේ කඩුල්ල ආරක්‍ෂා කරගනිමින්ම සුපුරුදු රටාවෙන් සිය අර්ධ ශතකය කරා ගියේය.
නවසීලන්ත පිලේ මෙවර ශී‍්‍ර ලංකා සංචාරයේදී පැවැති එක්දින තරග 3 දීම අර්ධ ශතක ලබාගත් ඩිල්ෂාන් පැවැත්විය හැකිවූ එකම වි:20 තරගයේදීත් නොදැවී ලකුණු 59 ක් ලබාගත්තේ පන්දු 49 කින් 8 ක්ම හතරේ සීමාව කරා පිටත්කර යවමිනි.
ශී‍්‍ර ලංක නායකයා කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ හෙයින් නවසීලන්ත පිතිකරුවන් මනාව දමනය කරගත් පන්දු යවන්නෝ ඕවර 20 ක් තුළදී නවසීලන්ත ඉනිම ලකුණු 142 කට සීමා කළහ. ඒ අතරවාරයේදී නවසීලන්ත පිතිකරුවන් 7 දෙනකු ආපසු කී‍්‍රඩාගාරයට යවමින් සාමූහික ආක‍්‍රමණයක නිරත වූහ.
ශී‍්‍ර ලංකා දග පන්දු යවන්නන් හමුවේ ධෛර්යවත් පිතිහරඹයක නිරත වූ ඇන්ටන් ඩෙව්සිච් (30), ටොම් ලේතම් (20), ලූක් රොන්කි (නොදැවී 34) සහ නේදන් මැකලම් (26) එක්ව නවසීලන්ත පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමේ බලවත් උත්සාහයක නිරත වූ අතර ලූක් රොන්කි ලකුණු 18 ක් ලබා සිටියදී දුන් ඉතාම පහසු උඩපන්දුවක් රමිත් රඹුක්වැල්ල අතින් ගිළිහී යාම ඔවුන්ගේ උත්සාහයට කදිම තල්ලූවක් විය.
උඩ පන්දුව ඉහළ යද්දී කඩුලූ 5 කට 100 ක් වූ ලකුණු පුවරුව ඕවර 4 ක් ඇවෑමෙන් කඩුලූ 7 ට 142 ක් දක්වා වෙනස් විය. හයවැනි කඩුල්ල වෙනුවෙන් රොන්කි සහ මැකලම් එක්ව පන්දු 29 කදී ලකුණු 45 ක් එක් කළ අතර නොතිබූ ලකුණක් සොයා දිවගිය මැකලම් ලකුණු 26 කට දුවද්දී දැවී යාම නිසා අවසන් ඕවරයේදී නවසීලන්ත ලකුණු සංඛ්‍යාව 6 කට සීමා විය.
ලූක් රොන්කිගේ පන්දු 25 අපරාජිත ඉනිම හතරේ පහර 3 කින් සහ හයේ පහරකින් සමන්විත විය.
අද තරගයේදී රමිත රඹුක්වැල්ල ශී‍්‍ර ලංකා කණ්ඩායමට එක්විය. ශී‍්‍ර ලංකා වර්ණ සහිත හිස්වැස්ම ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කළමණාකරු මයිකල් ද සොයිසා මහතා විසින් අද සන්ධ්‍යාවේදී රමිත රඹුක්වැල්ලට බාර දුන් අතර රඹුක්වැල්ල ශී‍්‍ර ලංකාවේ 50 වැනි විස්සයි/20 කී‍්‍රඩකයා විය.
ඡයාරූපය - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.