Last Update  :  2025-02-11 21:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කුසල් මෙන්ඩිස්ට හොඳ අවස්ථාවක්
එක්දින තරගාවලිය

කුසල් මෙන්ඩිස්ට හොඳ අවස්ථාවක්

editorial - 2025 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද 16 දෙනකුගෙන් යුත් සංචිතයට නවසීලන්තයේ සංචාරය කළ ක්‍රීඩකයෝ 16 දෙනෙක් ඇතුළත් වෙති. ඔවුන් අතුරන් චමිඳු වික්‍රමසිංහට පමණක් සංචිතයේ ස්ථානය අහිමි වී තිබේ. 

මෙම තරගාවලිය පළමුව එක තරගයකට පමණක් සීමා වූ නමුත් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වන බැවින් එය තරග දෙකක් ලෙසින් පසුව වෙනස් කරන ලදි. 

නායක චරිත් අසලංක මෙන්ම නුවනිඳු ප්‍රනාන්දු දෙදෙනාම සංචිතයට එක්වන්නේ පසුගිය සති අන්තයේදී ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව පැවැති පළමු පෙළ තරගයකදී ලබාගත් ප්‍රවේගකාරී ශතක දෙකකින් පසුවය. එම ශතක දෙක හේතුවෙන් එස්.එස්.සී. පිලට ද්‍රවිඩ සංගමය පරදවා ඉනිමක ජයක් ලබාගත හැකිවිය.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර එක්දින තරග ඉතිහාසය 1975 දක්වා ඈතට දිවයන්නකි. එදා මෙදා තුර දෙපිල අතර පැවැති එක්දින තරග 103 දී ලකුණු 500 ඉක්මවූ පිතිකරුවෝ 26 දෙනෙක් දෙපිලේම සිටිති ඔවුන්ට ආසන්නයෙන්ම සිටිමින්, තවමත් අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ රැඳී සිටින එකම පිතිකරුවා වන කුසල් මෙන්ඩිස්ට (462) ලකුණු 500 සමාජයට ඇතුළත් වීමේ හොඳ අවස්ථාවක් මෙම තරගාවලියේදී උදාවෙයි. 

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර එක්දින තරගවලදී ඉහළම ලකුණු ලබාගත් පිතිකරුවා කුමාර් සංගක්කාර (1675) වන අතර දෙවැන්නා රිකී පොංන්ටිං (1649) ය. 

හෙටත් (12 වැනිදා) සහ සිකුරාදාත් කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙන තරග දෙකම පෙරවරු 9.30 ට ආරම්භ වන අතර දිවා තරග ලෙසින් පැවැත්වෙයි. 

ශ්‍රී ලංකා එක්දින සංචිතය 
චරිත් අසලංක (නායකයා), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, නිශාන් මධුෂ්ක, නුවනිඳු ප්‍රනාන්දු, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩසේ, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර, මොහොමඩ් ශිරාස් සහ එශාන් මාලිංග


අදහස් (0)

කුසල් මෙන්ඩිස්ට හොඳ අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.