Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කුසල් ජනිත්ගේ (81) වේගවත් ඉනිම නිසා සංචාරක කෙන්යානු ජාතික ක‍්‍රිකට් පිලට එරෙහිව පැවැත්වෙන තරග හතකින් සමන්විත විස්සයි/20 ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී අද (29) පස්වරුවේ පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලූ 8 ක පහසු ජයක් ලබමින් 3 - 0 ක් ලෙස පෙරමුණට පැමිණියේය.
කුසල් ජනිත් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 47 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 81 ක් රැස් කළේය.
ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයා වන 42 හැවිරිදි ස්ටීව් ටිකලෝ කෙන්යානු පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 29 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 29 ක් රැස් කිරීමට සමත් විය. ජීවන් මෙන්ඩිස් දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 14 කට කඩුලූ 4 ක් දවා ගැනීමට සමත් විය.
පළමු තරගයට ක‍්‍රීඩා නොකළ කුසල් ජනිත්, ඉසුරු උදාන සහ මිලින්ද සිරිවර්ධන මෙම තරගයට කැදවා තිබුණි. දිනයේ පළමු තරගයට ක‍්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක, සීකුගේ ප‍්‍රසන්න සහ දිල්හාර ලොකුහෙට්ටිගේ මෙම තරගයේදී විවේක ගැන්වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.