Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෙන්යානු පිලට ශී‍්‍ර ලංකාවේදී වි:20 තරග 7ක්

කෙන්යානු පිලට ශී‍්‍ර ලංකාවේදී වි:20 තරග 7ක්

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නිල නොවන විස්සයි20 තරග හතකට සහභාගි වීම සඳහා කෙන්යානු ජාතික ක‍්‍රිකට් කණ්ඩායම මේ මස අගදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරගාවලිය මේ මස 27 වැනිදා සිට නොවැම්බර් මස 2 වැනිදා දක්වා කොළඹදී පැවැත්වේ.

ශී‍්‍ර ලංකාවට පැමිණෙන කෙන්යානු ජාතික කණ්ඩායමට කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් විශ‍්‍රාම ගෙන සිටි ස්ටීවන් ටිකොලෝද නැවතත් කැඳවා තිබේ. 1996 ලෝක කුසලන තරගාවලියේදී ශී‍්‍ර ලංකාවට එරෙහිව මහනුවර අස්ගිරිය කී‍්‍රඩාංගණයේදී ලකුණු 96 ක් ලබාගත් ස්ටීවන් ටිකොලෝ අවසන් වරට එක්දින තරගයකට සහභාගි වූයේ 2011 ලෝක කුසලාන තරගාවලියේදී සිම්බාබ්වේ පිලට එරෙහිව කොල්කටාහිදීය.

ස්ටීව් ටිකොලෝ සමග 35 හැවිරිදි තෝමස් ඔඩෝයෝද කෙන්යානු සංචිතයට එක්ව සිටී.

ලබන වසර මුලදී බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිත විස්සයි/20 ලෝක කුෂලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් ටිකෝලෝ සහ තෝමස් ඔඩෝයෝ කෙන්යානු සංචිතයට කැඳවා තිබේ.

ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය:
දිනේෂ් චන්දිමාල් (නායක), ළහිරු තිරිමාන්න (උප නායක), කුසල් ජනිත්, මහේල උඩවත්ත, ෂෙහාන් ජයසූරිය, උපුල් තරංග, අෂාන් ප‍්‍රියංජන්, කිත්රුවන් විතානගේ, ඇන්ජලෝ පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, යශෝධ ලංකා, නිරෝෂන් දික්වැල්ල, රමිත රඹුක්වැල්ල, චතුරංග ද සිල්වා, අකිල ධනංජය, සීකුගේ ප‍්‍රසන්න, මිලින්ද සිරිවර්ධන, ඉසුරු උදාන, ඉෂාන් ජයරත්න, කෝසල කුලසේකර, ළහිරු ජයරත්න, දිල්හාර ලොකුහෙට්ටිගේ, ජීවන් මෙන්ඩිස් සහ ශාමින්ද එරංග

කෙන්යානු ජාතික ක‍්‍රිකට් සංචිතය:
කොලින්ස් ඔබූයා, රකිප් පතෙල්, මොරිස් ඔයුමා, නෙමියා ඔඩියම්බෝ, හිරේන් විරයියා, ශීම් න්ගොචි, ස්ටීව් ටිකොලෝ, රග්හිබ් අගා, නෙල්සන් ඔඩියම්බෝ, ඒලිජා ඔටිනෝ, ඩහිරෙන් ගොන්ඩරියා, තෝමස් ඔඩයෝ, ගුර්දීප් සිං, එම්මානුඑල් බුන්දි, ඩන්කන් ඇලන් සහ ඉර්ෆාන් කරීම්

තරග කාලසටහන
ඔක්.27 - පළමු විස්සයි20 තරගය සී. සී. සී. ක‍්‍රීඩාගංණයේදී (ප.ව. 2.15)
ඔක්.29 - දෙවැනි විස්සයි20 තරගය එන්. සී. සී. ක‍්‍රීඩාගංණයේදී (පෙ.ව. 9.45)
ඔක්.29 - තෙවැනි විස්සයි20 තරගය එන්. සී. සී. ක‍්‍රීඩාගංණයේදී (ප.ව. 2.15)
ඔක්.31 - සිවුවැනි විස්සයි20 තරගය සී. සී. සී. ක‍්‍රීඩාගංණයේදී (පෙ.ව. 9.45)
ඔක්.31 - පස්වැනි විස්සයි20 තරගය සී. සී. සී. ක‍්‍රීඩාගංණයේදී (ප.ව. 2.15)
නොවැ.02 - හයවැනි විස්සයි20 තරගය සී. සී. සී. ක‍්‍රීඩාගංණයේදී (පෙ.ව. 9.45)
නොවැ.02 - හත්වැනි විස්සයි20 තරගය සී. සී. සී. ක‍්‍රීඩාගංණයේදී (ප.ව. 2.15)

048


අදහස් (0)

කෙන්යානු පිලට ශී‍්‍ර ලංකාවේදී වි:20 තරග 7ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.