Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ මූලික වටයේ 12 වැනි තරගය ලෙස බාර්බඩෝස් ට‍්‍රයිඩන්ස් පිල සහ කේප් කෝබ්රාස් පිල අතර මොහාලි හිදී අද (26 වැනිදා) පැවැති තරගය දෙපිලේ ලකුණු සම වීම නිසා ජය පරාජයෙන් තොරව අවසන් විය.
ඉන් පසුව පැවති සුපිරි ඕවරයේදී කේප් කෝබ්රාස් පිල ලකුණු 11 ක් ලබාගත්තද, බාර්බඩෝස් ට‍්‍රයිඩන්ස් පිලට එහිදී ලබාගත හැකිවූයේ ලකුණු 10 ක් පමණි. ඒ අනුව මෙම තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් ලැබීමට කේප් කෝබ්රාස් පිල සමත්විය.
ජයග‍්‍රණය සඳහා ලකුණු 175 ක ඉලක්කයක් හඹාගිය කේප් කෝබ්රාස් පිලට නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 174 ක් පමණි.
කේප් කෝබ්රාස් පිලේ වැඩිම ලකුණු ලාභියා වූ හෂීම් අම්ලා පන්දු 42 කදී ලකුණ 59 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගිනි.
බාර්බඩෝස් ට‍්‍රයිඩන්ස් පිල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරතවූ ජීවන් මෙන්ඩිස් ඕවර 4 ක් යවමින් ලකුණු 27 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත්විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් බාර්බඩෝස් ට‍්‍රයිඩන්ස් පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 174 ක් ලබාගත්තේය.
එහිදී මෙවර තරගාවලියේ දෙවැනි ශතකය (නොදැවී 111) රැස්කළ ජොනතන් කාටර් ඊට හයේ පහර 5 ක් සහ හතරේ පහර 10 ක් අන්තර්ගත කළේය. ඔහුගේ ප‍්‍රවේගකාරී ඉනිමට පන්දු 68 ක් වැය විය.
පන්දු 21 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 42 ක් රැස්කළ දිල්ෂාන් මුණවීර බාර්බඩෝස් ට‍්‍රයිඩන්ස් පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.
කෙසේ වුවත් බාර්බඩෝස් ට‍්‍රයිඩන්ස් පිලේ පිතිකරුවන් 7 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර දවාගැනීමට කේප් කෝබ්රාස් පිලේ පන්දු යවන්නන් සමත්වූ අතර ඉන් තිදෙනෙක්ම ලකුණු නොළබා දැවීයාම කැපී පෙනෙන සිදුවීමක් විය.
කාසියේ වාසිය දිනූ කේප් කෝබ්රාස් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා බාර්බඩෝස් ට‍්‍රයිඩන්ස් පිලට ආරාධනා කර සිටියේය.
බාර්බඩෝස් ට‍්‍රයිඩන්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 8 කට 174
(ඩිල්ෂාන් මුණවීර 42, ජොනතන් කාටර් 111, සයිබ‍්‍රෑන්ඞ් එන්ගල්බ්‍රෙච්ට් 24/2, කර්ලි ලැන්ගවෙල්ඞ්ට් 29/2)
කේප් කෝබ්රාස් පිල - ඕවර 20 කදී කඩුලූ 5 කට 174
(රිචඞ් ලෙවි 39, හෂීම් අම්ලා 59 සයිබ‍්‍රෑන්ඞ් එන්ගල්බ්‍රෙච්ට් නොදැවී 19, ජීවන් මෙන්ඩිස් 27/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.