Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් වයස 19 න් පහළ කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ කිම්බර්ලි නුවරදී ඊයේ (30 වැනිදා) පැවැති තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 232 ක් ලබාගත්හ.
සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී එක් අන්තයක් රැකගෙන දක්ෂ පිතිහරඹයක නිරත වූ දිනුර කළුපහණ පන්දු 83 කින් ලකුණු 53 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. මෙම තරගාවලියේදී දිනුර ලබාගත් තෙවැනි අර්ධ ශතකය මෙය වූ අතර මින් පෙර සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 60 ක් සහ ඕස්ටේ්‍රලියාවට එරෙහිව ලකුණු 64 ක් රැස්කිරීමටද ඔහු සමත් විය.
ලකුණු 134 කට කඩුලු 6 ක් බිඳවැටී තිබූ අවස්ථාවේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් මල්ෂ තරුපති (42) සමග එක්ව පන්දු 46 කදී ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද දිනුර සමත් විය. පන්දු 38 කට මුහුණදුන් මල්ෂ හතරේ පහර 7 කින් සිය ඉනිම සැරසුවේය.
ආරම්භක පිතිකරු පුලිඳු පෙරේරා පන්දු 31 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 24 ක්ද, සුපුන් වඩුගේ පන්දු 40 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 31 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා දායකත්වය සැපයූහ.
බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ රෙනිකෝ ස්මිත් ඕවර 10 ක් යවමින් ලකුණු 47 කට කඩුලු 4 ක් දවාගත්තේය. නේදන් එඩ්වඩ්ස් ලකුණු 47 කට කඩුලු 2 ක් බිඳහෙළමින් එහිදී ස්මිත්ට අනගි සහායක් දුන්නේය.
ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 50 කදී සියලු දෙනා දැවී 231
(පුලිඳු පෙරේරා 24, සුපුන් වඩුගේ 31, දිනුර කළුපහණ 53, ශාරුජන් ශන්මුගනාදන් 14, මල්ෂ තරුපති 42, විෂ්ව තෙව්මික 15, රෙනිකෝ ස්මිත් 47/4, නේදන් එඩ්වඩ්ස් 47/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.