Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයට එරෙහිව ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති සිවුවැනි විස්සයි-20 ක්‍රිකට් තරගය ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. මෙම තරගය ජයගත්තද, තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 3-1 ක් ලෙස ජයගැනීමට එංගලන්තය සමත්ව සිටියි.
ජයග්‍රහණය සඳහා ලකුණු 219 ක ඉලක්කයක් හඹාගිය කොදෙව්වෝ ඕවර 19 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ඉලක්කය පසුකර ගිය අතර පන්දු 17 කදී හයේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 29 ක් රැස්කළ ශර්ෆේන් රදර්ෆර්ඩ් කොදෙව් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. නායක රෝමන් පවෙල් එහිදී පන්දු 23 කින් ලකුණු 38 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කදී ලකුණු 136 ක සම්බන්ධතාවක් ගොඩනැගූ එවින් ලුවිස් (68) සහ ශායි හෝප් (54) කොදෙව් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 31 කට මුහුණදුන් ලුවිස් හයේ පහර 7 කින් සහ හතරේ පහර 4 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 24 කදී වාර්තා වූ හෝප්ගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 218 ක් ලබාගත් අතර එහිදී අර්ධ ශතක ලබාගැනීමට ආරම්භක පිතිකරු පිලිප් සෝල්ට් (55) සහ ජෙකොබ් බෙතෙල් (නොදැවී 62) සමත් වූහ. සෝල්ට්ගේ ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 5 කින්ද, බෙතෙල්ගේ ඉනිම හයේ පහර 5 කින් සහ හතරේ පහර 4 කින්ද සමන්විත විය.
විල් ජැක් පන්දු 12 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 25 ක්ද, නායක ජොස් බට්ලර් පන්දු 32 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 38 ක්ද රැස්කරමින් එංගලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූ අතර සෑම් කරන් පන්දු 13 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 24 ක් රැස්කරමින් සිය කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය.
එංගලන්ත පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 218
(පිල්පි සෝල්ට් 55, විල් ජැක් 25, ජොස් බට්ලර් 38, ජෙකොබ් බෙතෙල් නොදැවී 62, සෑම් කරන් 24, ගුඩකේෂ් මොති 40/2)
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 19 කදී කඩුලු 5 කට 221
(එවින් ලුවිස් 68, ශායි හෝප් 54, රෝමන් පවෙල් 38, ශර්ෆේන් රදර්ෆර්ඩ් නොදැවී 29, රෙහාන් අහමඩ් 43/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.