Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව්වෝ චන්ද්‍රපෝල් අමතක කරති

කොදෙව්වෝ චන්ද්‍රපෝල් අමතක කරති

Dilrukshi - 2015 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

තමන්ගේ ටෙස්ට් කි‍්‍රකට් දිවිය අවසන් වූ ආකාරය ගැන කණගාටුවට පත්වන නමුත් කී‍්‍රඩාවෙන් සමුනොගන්නා බවත් ෂිව්නරීන් චන්ද්‍රපෝල් පවසා ඇතැයි වාර්තා වේ.හතළිස් හැවිරිදි වියේ පසුවන ෂිව්නරීන් චන්ද්‍රපෝල් ඉකුත් සති අන්තයේදී තමා කි‍්‍රකට් පිටියට සමුදෙන බව නිවේදනය කළේය.

චන්ද්‍රපෝල්ගේ සමුගැනීම සිදුවන අවස්ථාවේදී බටහිර ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩල තේරීම් කමිටුවේ සභාපති  ක්ලයිව් ලොයිඞ් මහතා පැවැසුවේ තරුණ කී‍්‍රඩකයන්ට අවස්ථාව දිය යුතු බවයි.  ඕස්ටේ‍්‍රලියාව සමඟ පැවැත්වෙන තරගාවලිය සඳහා නම්කර ඇති 12 දෙනකුගෙන් යුත් පුහුණු සංචිතයට ටෙස්ට් තරග 164 කට කී‍්‍රඩා කර ඇති ෂිවනරීන් චන්ද්‍රපෝල්ව ඇතුළත් නොකිරීමට බටහිර ඉන්දීය කොදෙව් තේරීම් කමිටුව කටයුතු කළේය.

බාබඩෝස් හි ඩොමිනිකා හිදී ජූනි 3 වැනිදා පළමු ටෙස්ට් තරගය ආරම්භ වන අතර දෙවැනි ටෙස්ට් තරගය ජැමෙයිකා හිදි ජූනි 11 වැනිදා ආරම්භ වීමට නියමිතය.” ඕස්ටේ‍්‍රලියානු තරග සංචාරයෙන් මට විශ‍්‍රාම යෑමට අවස්ථාවක් ඉල්ලීම වැඩි යමක් ඉල්ලීමක් නොවෙයි” යනුවෙන් එරට පුවත්පතක් චන්ද්‍රපෝල් උපුටා දක්වමින් සඳහන් කර තිබිණි.

”මගේ නිවහනේ සහාය දක්වන්නන්ට එය අවස්ථාවක් වේවි මා පිළිගන්න” යැයි ඔහු පවසයි.

ඔහුගේ උපන් දිවයින වන ගයානා පිල වෙනුවෙන් පළමු පෙළ කණ්ඩායමට කී‍්‍රඩා කිරීමට සූදානම් බවත් නොවැම්බරයේ ආරම්භ වන පළමුපෙළ තරගාවලියට සහභාගී වන බවත් චන්ද්‍රපෝල් එහිදි පවසා තිබේ.  ගයානාවෙන්ද ඔහුට සහාය හිමිවන බව එම පුවත් වාර්තා සඳහන් කරයි. විශේෂ කරුණ වනුයේ බ‍්‍රයන් ලාරාගේ ටෙස්ට් ලකුණු 11,953 පසුකර යෑමට චන්ද්‍රපෝල්ට අවශ්‍ය වනුයේ තවත් ලකුණු 87 ක් පමණි. එම ලකුණු 87 රැස් කළහොත් වැඩිම ටෙස්ට් ලකුණු ප‍්‍රමාණයක් රැස්කළ බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවා වනු ඇත්තේ ෂිවනරීන් චන්ද්‍රපෝල්ය.

චන්ද්‍රපෝල්ට සහාය දක්වන ගයානා කි‍්‍රකට් පාලක මණ්ඩලය ද ඔහු සංචිතයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය ප‍්‍රකාශ කර ඇත.ප‍්‍රබල  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමඟ තරග වැදීමට කණ්ඩායමක් තේරීමේදී ඉහත කරුණ සම්බන්ධයෙන් කිසිවක් කිරීමට නොතිබූ බවත් සංචිතයට කී‍්‍රඩකයන් තෝරාගනු ලැබුවේ තරගාවලිය සඳහා සූදානම් වූ කී‍්‍රඩකයන්ගෙන් බවත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නව ප‍්‍රධාන පුහුණුකරු පිල් සිමන්ස් මහතා පැවසීය.

”අපි කී‍්‍රඩකයන් තේරීමේ කි‍්‍රයාවලියේදී චන්ද්‍රපෝල් ඊට සුදුසු වූයේ නැහැ, කණ්ඩායමට කී‍්‍රඩකයකු තේරීම ඔහුට කී‍්‍රඩා දිවිය අවසන් කිරීමට තරග දෙකක් දීමට වඩා දෙයක්’’

”කී‍්‍රඩකයන් තේරීම කියන්නේ ඊළඟ තරගය කී‍්‍රඩාකිරීමට හොඳම කණ්ඩායම තේරීමයි’’ යැයි සිමන්ස් මහතා පැහැදිලි කරයි.
කෙසේ නමුත් උත්ප‍්‍රාසජනක සිදුවීම වනුයේ සිමන්ස් මහතා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙස කී‍්‍රඩාකළ අතර, 19 හැවිරිදි වියේ පසු වූ චන්ද්‍රපෝල්ට පළමු ටෙස්ට් තරගයට කී‍්‍රඩා කිරීමට අවස්ථාව දීම උදෙසා 1994 දී සිමන්ස් කණ්ඩායමෙන් ඉවත් කිරීමට සිදු වීමයි.

චන්ද්‍රපොල්ගේ පැවැත්ම හෝ ස්ථාවර ලෙස දක්ෂතා දැක්වීම කෙසේ වෙතත් ඔහුගේ ටෙස්ට් සාමාන්‍යය 51.37 ක් ලෙස දැක්වෙයි.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු නායකයකු ද වන චන්ද්‍රපෝල් අසාර්ථකත්වය හේතුවෙන් බොහෝ අවස්ථාවලදී කණ්ඩායමෙන් ඉවත් කෙරුණු නමුත් ඉකුත් තරගාවලි දෙකේ ඔහුගේ සාමාන්‍ය සටහන් වූයේ 16.63 ක් ලෙසය. ඒ ඉකුත් වසරේ අවසන් වූ ටෙස්ට් තරග තුනේ හා පසුගිය මස එංගලන්තය සමඟ පැවැති ටෙස්ට් තරග 3 දී ඔහු රැස් කළ ලකුණුවල සමස්තයක් ලෙසය.

වින්ඞ්සර් පාර්ක්හිදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට කී‍්‍රඩා කරන කණ්ඩායම හෙට (29) නම් කිරීමට නියමිත අතර ඒ  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කි‍්‍රකට් පාලක මණ්ඩල සභාපතිගේ පිල අතර පැවැත්වෙන පුහුණු තරගය අවසානයේදීය.
 

055

 
 

 

 


අදහස් (0)

කොදෙව්වෝ චන්ද්‍රපෝල් අමතක කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.