Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි සබීනා පාර්ක් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 24 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (8 වැනිදා) සමත් විය. මෙම ජයග‍්‍රහණයත් සමග තරග 3 කින් සමන්විත වූ එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද කොදෙව්වෝ සමත් වූහ.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 270 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත කණ්ඩායමට ඕවර 49.1 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 245 ක් පමණි. එහිදී රොමාරියෝ ශෙපර්ඞ් සහ අල්සාරි ජෝෂප් කඩුලූ 3 බැගින් බිඳහෙළමින් අයර්ලන්ත ජයග‍්‍රාහී මාවත අවහිර කළහ. කඩුලූ 2 ක් දවාගත් ඔඬේන් ස්මිත් ඒ සඳහා ඔවුන්ට අනගි සහායක් දුන්හ.
අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක ඇන්ඩෘ බැල්බර්නි පන්දු 94 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 71 ක් රැුස්කළ අතර හැරී ටෙක්ටර් පන්දු 68 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 53 ක් රැුස්කළේය. ඇන්ඩි මැක්බ‍්‍රයන් පන්දු 50 කදී ලකුණු 43 ක් ලබා සිටියදී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව ගියේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම ඕවර 48.5 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 269 ක් ලබාගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ශාමර් බෘක්ස් පන්දු 89 කින් ලකුණු 93 ක් රැුස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් සමගනි. මාක් අඩෙයර්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් දැවී ගියේය.
නායක කිරන් පොලාඞ් (69) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 136 කදී ලකුණු 155 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද බෘක්ස් සමත් විය. පන්දු 66 කදී වාර්තා වූ පොලාඞ්ගේ අර්ධ ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය. අවසන් ඕවර කිහිපයේදී පන්දු 8 කට මුහුණදුන් ඔඬේන් ස්මිත් හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 18 ක් රැස්කළේය.
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 48.5 කදී සියලූ දෙනා දැවී 269
(ශායි හෝප් 29, ශාමර් බෘක්ස් 93, කිරන් පොලාඞ් 69, ඕඬේන් ස්මිත් 18, මාක් අඩෙයර් 38/3, ක්‍රෙග් යං 56/3, ඇන්ඩි මැක්බ‍්‍රයන් 52/2)
අයර්ලන්ත පිල - ඕවර 49.1 කදී සියලූ දෙනා දැවී 245
(ඇන්ඩෘ බැල්බර්නි 71, ඇන්ඩි මැක්බ‍්‍රයන් 34, හැරී ටෙක්ටර් 53, ජෝජ් ඩොක‍්‍රල් 30, මාක් අඩෙයර් නොදැවී 21, රොමාරියෝ ශෙපර්ඞ් 50/3, අල්සාරි ජෝෂප් 55/3, ඔඬේන් ස්මිත් 26/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.