Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොරෝනා මාධ්‍ය කුටිය වහයි

කොරෝනා මාධ්‍ය කුටිය වහයි

editorial - 2021 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙකුට කොරෝනා වයිරසය ආසාදනයවිම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (25 වැනිදා) පැවැත්වෙන පළමු විස්සයි20 තරගය අතරතුරදී මාධ්‍ය කුටිය වසා දැසීමට සිදුවිය.

තරගය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර අද සවස ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සිදු කරන ලද ප්‍රතිදේහ පරීක්ෂණයකදී එම සේවයකයාට වයිරසය ආසාදනයවී ඇති බව සොයා ගන්නා ලදී.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව පළමු විස්සයි20 තරගය අතරතුරදී මාධ්‍ය කුටියේ මෙහෙයුම් නවතා දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය.

සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව දෙවැනි විස්සයි20 තරගයේ සිට මාධ්‍ය කුටියේ මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කිරීමට නියමිතව ඇත.

කොරෝනා වයිරසය ආසාදනයවූ එම සේවකයා මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.


- 2079

 


අදහස් (0)

කොරෝනා මාධ්‍ය කුටිය වහයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.