Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට එක්වී සිටින ක‍්‍රීඩකයකුට කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් ඒ පිළිබඳ අවසන් තීරණය කමිටුවක් මගින් ගනු ලබන බව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව නිවේදනය කරයි.
![]() |
පිතිකරුවන් සාර්ථක වෙනවා නම්.... |
තවත් පුහුණු තරග 2 ක් |
ෂොයිබ් මලික් පාකිස්තානු පිලට |
නිස්සංක - ළහිරු - බිනුර ඇතුළට |
වි-20 ලෝක ශූරයන්ට කෝටි 32 ක් |
කඩයිම් තරග විසඳීමට ඕවර 10 ක් |
කොරෝනා වයිරස් අවදානම මධ්‍යයේ වුවද විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය මේ මස 17 වැනිදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේදී ආරම්භ වෙයි.
පසුගිය මාසයේ ඉන්දීය කණ්ඩායමේ පැවති කොවිඞ් භීතිය හේතුවෙන් මැන්චෙස්ටර්හි පැවැත්වීමට නියමිතව තිබූ පස්වැනි ටෙස්ට් තරඟයේදී කාසියේ වාසිය උරගා බැලීමට පැය දෙකකට පෙර ඉන්දීය කණ්ඩායම ඉවත්වීම හේතුවෙන් එංගලන්තය සහ වේල්ස් ක‍්‍රිකට් මණ්ඩලය මූල්‍ය අලාභයන්ට මුහුණ දුන්නේය.
ජෛව ආරක්ෂක උපදේශක කණ්ඩායමක් විසින් එවැනි අවස්ථාවක අවසාන මොහොතේ ඕනෑම තීරණයක් ගනු ඇති බව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ වැඩබලන ප‍්‍රධාන විධායක ජෙෆ් ඇලර්ඩිස් මහතා පැවසීය.
”තරගාවලිය අතරතුර පැන නඟින ඕනෑම සිද්ධියක් පිළිබඳව සොයා බැලීමට අපි කමිටුවක් පිහිටුවා තියෙනවා. කී‍්‍රඩකයන්ට කොවිඞ් වයිරසය අසාදනය වුවහොත්, සමීප සම්බන්ධතා ඇති අය හඳුනා ගැනීම සහ අනාගත සිදුවීම් පිළිබඳව තීරණ ගැනීම ඔවුන් විසින් කරනු ඇති” යැයි ඇලර්ඩිස් මහතා ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
මාසයක් පුරා පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වන රටවල් 16 කී‍්‍රඩකයන් මෙන්ම කණ්ඩායම් නිලධාරීන්ද වැඩි දිනක් හෝටල් වලම ගතකරනු ඇත.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.