Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොල්කටා නයිට්රයිඩර්ස් පිල අපරාජිත බව රැකගනී

කොල්කටා නයිට්රයිඩර්ස් පිල අපරාජිත බව රැකගනී

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ මූලික වටයේ 18 වැනි තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් පිල සහ ඩොල්ෆින්ස් පිල අතර හයිද්‍රාබාද් හිදී අද (30 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 36 ක ජයක් වාර්තා කිිරීමට කොල්කටා නයිට්රයිඩර්ස් පිල සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 188 ක ඉලක්කයක් හඹාගිය ඩොල්ෆින්ස් පිලට නියමිත  ඕවර 2-0 අවසානයේ ලකුණු 8 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 151 ක් පමණි.

එහිදී ඩොල්ෆින්ස් ඉනිමේ වැඩිම ලකණු ලාභියා වූ ඇන්ඩිල් පිලූක්වායෝ පන්දු 18 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 37 ක් රැස්කළේය.

දක්ෂ පන්දු යැවීමක නිරවූ සුනිල් නරේන්  ඕවර 4 ක් යවමින් ලකුණු 33 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට්රයිඩර්ස් පිල නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 2 ක් දැවී ලකුණු 187 ක් ලබාගත්තේය.

එහිදී වේගවත් ඉනිමක් කී‍්‍රඩා කළ රොබින් උත්තාපා පන්දු 55 කදී නොදැවී ලකුණු 85 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත්විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 13 ක් ඇතුළත් විය.

කොල්කටා පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා උත්තාපාට අගනා සහයක් දුන් මනීෂ් පාණ්ඬේ පන්දු 47 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 76 ක් රැස්කළේය.

උත්තාපා සහ පාණ්ඬේ අතර 3 වැනි කඩුල්ල සඳහා ගොඩනැගුණ නොබිදුණ සම්බන්ධතාව ලකුණු 153 කි. ඒ සඳහා ඔවුන් දෙදෙනාට වැය වී තිබුණේ පන්දු 90 ක් පමණි.

කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 2 ක් දැවී 187
(රොබින් උත්තාපා නොදැවී 85, මනීෂ් පාණ්ඬේ නොදැවී 76)
    
ඩොල්ෆින්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී 151
(මෝර්නි වැන් වයික් 34, වෝගන් වැන් ජාර්ස්වෙල්ඞ් 19, ඛායා සුන්ඩෝ 32, ඇන්ඩිල් පිලූක්වායෝ 37, සුනිල් නරේන් 33/3, යූසෆ් පතන් 25/2)

-036

 


අදහස් (0)

කොල්කටා නයිට්රයිඩර්ස් පිල අපරාජිත බව රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.