Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ අවසන් මහ තරගය කොළඹ කණ්ඩායම සහ යාපනය කණ්ඩායම අතර එළබෙන ඉරිදා (6 වැනිදා) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා-රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.
කොළඹ, යාපනය, ගාල්ල, දඹුල්ල සහ මහනුවර යන කණ්ඩායම් 5 ක සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලියේ මූලික වටයේදී සියලුම කණ්ඩායම් සෙසු කණ්ඩායම් වලට එරෙහිව තරග 2 බැගින් තරග 8 කට සහභාගි විය.
එහිදී සහභාගි වූ තරග 8 න් 7 ක් ජයගත් කොළඹ කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ ලකුණු 14 කට හිමිකම් කියමිනි. සහභාගි වූ තරග 8 න් 4 ක් ජයගත් යාපනය කණ්ඩායම ලකුණු 9 කට හිමිකම් කියමින් අවසන් තරගයට පිවිසි අතර ඔවුන් සහභාගි වූ එක් තරගයක් වර්ෂාවට සේදී ගියේය.
අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නොහැකි වුවද, ඒ සඳහා යාපනය කණ්ඩායම සමග කරට කර සටනක නිරත වූ ගාල්ල කණ්ඩායම සහභාගි වූ තරග 8 න් 4 ක් ජය ලබා ලකුණු 8 කට හිමිකම් කියමින් තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් විය.
මූලික වටය යටතේ පැවැති අවසන් තරග දෙකේදී යාපනය කණ්ඩායමට එරෙහිව ලකුණු 16 ක ජයක් ලැබීමට දඹුල්ල කණ්ඩායමත්, ගාල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 64 ක ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායමත් සමත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.