Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ ප්‍රීමා යොවුන් ලීග එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ කණ්ඩායම ඊයේ (4 වැනිදා) සමත් විය. ඒ පළමු අවසන් පූර්ව තරගයේදී කොළඹ උතුර කණ්ඩායමට එරෙහිව කඩුල්ලක තියුණු ජයක් වාර්තා කරමිනි.
කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 180 ක ඉලක්කයක් හඹාගිය කොළඹ දකුණ ක්‍රීඩකයෝ පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලු 9 ක් දැවී ඉලක්කය සපුරා ගත්හ. ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ මහිරු කොඩිතුවක්කු පන්දු 41 කදී නොදැවී ලකුණු 22 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.
ආරම්භක පිතිකරු දුෂේන් උඩුවෙල පන්දු 56 කදී හතරේ පහර 2 ක් සමල ලකුණු 30 ක්ද, මෙතුක ගුණරත්න පන්දු 66 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 45 ක්ද රැස්කරමින් කොළඹ දකුණ කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා දායකත්වය සැපයූහ. එහිදී තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 93 කදී ලකුණු 67 ක සම්බන්ධතවක් ගොඩනැගීමටද ඔවුන් දෙදෙනා සමත් වූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ උතුර කණ්ඩායම ඕවර 49.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 179 ක් ලබාගත් අතර කොළඹ උතුර කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ශසිදු සිල්වා පන්දු 94 කින් ලකුණු 37 ක් රැස්කළේ හතරේ පහරක් සමගිනි. නායක කවිත් ද සිල්වා පන්දු 56 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 36 ක් රැස්කළේය.
කොළඹ දකුණ කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ චමිත කංකානම්ගේ සහ තාරුක සමින්ජිත කඩුලු 3 බැගින් දවාගත් අතර කොළඹ උතුර ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔවුන්ට අනගි සහායක් දුන් මෙතුම් ප්‍රනාන්දු කඩුලු 2 ක් බිඳහෙළුවේය.
කොළඹ උතුර පිල - ඕවර 49.1 කදී සියලු දෙනා දැවී 179
(කවිත් ද සිල්වා 36, ශසිඳු සිල්වා 37, හිමිර කුඩාගම 35, චමිත කංකානම්ගේ 27/3, තාරුක සමින්ජිත 38/3, මෙතුම් ප්‍රනාන්දු 33/2)
කොළඹ දකුණ පිල - ඕවර 49.1 කදී කඩුලු 9 ක් දැවී 180
(දුෂේන් උඩුවෙල 30, මෙතුක ගුණරත්න 45, ස්ටීවන් පීරිස් 18, සමිතු හෙන්සර 15, මහිරු කොඩිතුවක්කු නොදැවී 22, අබ්දුල් රහුමාන් 20/2, මොවිඳු සෙනාල් 25/2, ශනුක් ජයවර්ධන 34/2, ශම්ම ජොනතන් 39/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.