Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ වයස 15 න් පහළ ප්‍රීමා යොවුන් ලීග එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ දකුණ කණ්ඩායම අද (6 වැනිදා) සමත් විය. කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී මහනුවර කණ්ඩායමට එරෙහිව ලකුණු 149 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් කොළඹ දකුණ ක්‍රීඩකයෝ ශූරතාවට හිමිකම් කීහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 215 ක ඉලක්කයක් හඹාගිය මහනුවර කණ්ඩායමට කොළඹ දකුණ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 25.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 65 ක් පමණි. මහනුවර කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක චනුල් කොඩිතුවක්කු පන්දු 36 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 36 ක් රැස්කළේය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ චනිතු කංකානම්ගේ නිලකුණු ඕවරයක්ද සමග ඕවර 9 ක් යවමින් ලකුණු 22 කට කඩුලු 5 ක් බිඳහෙළමින් මහනුවර ඉනිම අඩ පණ කළේය. මහනුවර පිතිකරුවන් අසරණ කිරීම සඳහා චනිතුට අනගි සහයක් දුන් මෙතුම් ප්‍රනාන්දු ලකුණු 19 කට කඩුලු 3 ක්ද, අදීෂ ලක්ෂාන් ලකුණු 17 කට කඩුලු 2 ක්ද දවාගැනීමට සමත් වූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ දකුණ කණ්ඩායම ඕවර 49 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 214 ක් ලබාගත් අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ රෙෂාන් සොලමන්ස් පන්දු 99 කින් ලකුණු 77 ක් රැස්කළේ හතරේ පහර 11 ක් සමගිනි. මහිරු කොඩිතුවක්කු (16) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදී ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රෙෂාන් සමත් විය.
කොළඹ දකුණ පිල - ඕවර 49 කදී කඩුලු 9 ක් දැවී 214
(රෙෂාන් සොලමන්ස් 77, මෙතුක ගුණරත්න 16, මහිරු කොඩිතුවක්කු 16, අදීෂ ලක්ෂාන් 24, තාරුක සමින්ජිත නොදැවී 32, චනිතු කංකානම්ගේ 21, සනිතු ගුණතිලක 29/3, චනුල් කොඩිතුවක්කු 40/3)
මහනුවර පිල - ඕවර 25.5 කදී සියලු දෙනා දැවී 65
(චනුල් කොඩිතුවක්කු 36, යෙනුල් හේවාවිතාරණ 14, චනිතු කංකානම්ගේ 22/5, මෙතුම් ප්‍රනාන්දු 19/3, අදීෂ ලක්ෂාන් 17/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.