Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
වැඩි වැඩියෙන් ප්‍රසාද ලකුණු එක්කාසු කරගැනීමට මහනුවර ක්‍රීඩකයන් ගත් උත්සාහයෙන් උපරිම ප්‍රයෝජන ගත් කොළඹ ක්‍රීඩකයෝ හම්බන්තොටදී පැවැති ජාතික සුපර් ලීග් (පළමු පෙළ) තරගාවලියේ තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගත්හ. තරගයේ සිව්වැනි දිනය වූ අද (23 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට කොළඹ කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 313 ක් ලබා සිටියේය.
ලකුණු 354 ක මුල් ඉනිමේ වාසියක් තිබුණු හෙයින් පිට පිටම දෙවැනි වතාවටත් කොළඹ පිතිකරුවන් පිටියට යැවීමේ අවස්ථාව තිබුණ නමුත් නැවත වතාවක් පිති අතට ගත් මහනුවර ක්‍රීඩකයෝ හැකිතරම් ප්‍රසාද ලකුණු රැසක් ගොඩගසා ගැනීමට උත්සුක වූහ.
කෙසේ වෙතත් දෙවැනි ඉනිමේදී වඩාත් වේගවත් පිතිහරඹයක නිරත වෙමින්, ඕවර 56.4 කදී කඩුලු 3 කට ලකුණු 244 ක් ලබාගත් මහනුවර ක්‍රීඩකයෝ, තරගයෙන් ජයගැනීමට නම් දින එක හමාරක කාලයක් තුළදී ලකුණු 599 ක් ලබාගන්නා ලෙස කොළඹ පිතිකරුවන්ට අභියෝග කළහ.
දින එකහමාරක කාලයක් තුළ, ඕවර 120 කට මුහුණ දෙමින් ලකුණු 313 ක් ලබාගත් කොළඹ පිල පරාජයෙන් ගලවා ගැනීම සඳහා අවිශ්ක ප්‍රනාන්දු (74), චරිත් අසලංක (65) දෙදෙනා මෙන්ම පසුපෙළ පිතිකරුවන් වන ෂෙහාන් ප්‍රනාන්දු (නොදැවී 39) සහ කසුන් රාජිත (නොදැවී 16) දෙදෙනාත් සුවිශේෂී මෙහෙවරක් කළහ.
ෂෙහාන් සහ කසුන් රාජිත අතර 8 වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 55 ක සම්බන්ධතාව වෙනුවෙන් පැය දෙකකට ආසන්න කාලයක් (විනාඩි 110 ක්) ගතවීම හේතුවෙන් ජයග්‍රහණය මහනුවර පිලෙන් ඈතට ගසාගෙන ගියේය. සාමාන්‍යයෙන් ප්‍රහාරාත්මක පිතිකරුවකු වන අවිශ්ක ප්‍රනාන්දු සිය ලකුණු 74 වෙනුවෙන් පැය හතරක කාලයක් මිඩංගු කළ අතර අවිශ්කගේ දැවී යාමෙන් පසුව පැමිණි ශ්‍රී ලංකාවේ සීමිත ඕවර කණ්ඩායම් දෙකේම නායකයා වන චරිත් අසලංක සිය ලකුණු 65 වෙනුවෙන් පැය දෙකකට වැඩි කාලයක් ගත්තේය.
කොළඹ කණ්ඩායම පරාජයෙන් බේරා ගැනීමට මේ සිව්දෙනාගේ දායකත්වය මහත් සේ ඉවහල් විය.
මහනුවර - පළමු ඉනිම 460 යි
(ජනිශ්ක පෙරේරා 48, කමිල් මිෂාර 172, නුවනිඳු ප්‍රනාන්දු 45, සහන් ආරච්චිගේ 68, සොහාන් ද ලිවේරා 24, චමිඳු වික්‍රමසිංහ 15, රවිරු ප්‍රනාන්දු 53, ශිරාන් ප්‍රනාන්දු 11, කසුන් රාජිත 80/3, නිශාන් පීරිස් 101/3, දුෂාන් හේමන්ත 91/2)
කොළඹ - පළමු ඉනිම 106 යි
(නවෝද් පරණවිතාන 22, අවිශ්ක ප්‍රනාන්දු 19, ධනංජය ලක්‍ෂාන් 17, ශිරාන් ප්‍රනාන්දු 49/4, චමිඳු වික්‍රමසිංහ 08/2, සහන් නානායක්කාර 18/3)
මහනුවර - දෙවැනි ඉනිම කඩුලු 3 ට 244 යි
(පැතුම් නිස්සංක 18, ජනිෂ්ක පෙරේරා 93, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 100, සහන් ආරච්චිගේ නොදැවී 29)
කොළඹ - දෙවැනි ඉනිම කඩුලු 7 ක් දැවී 313 යි
(නවෝද් පරණවිතාන 15, අවිශ්ක ප්‍රනාන්දු 74, ධනංජය ලක්ෂාන් 18, කවීන් බණ්ඩාර 32, චරිත් අසලංක 65, ළහිරු මධුශංක 39, ෂෙහාන් ප්‍රනාන්දු නොදැවී 39, කසුන් රාජිත නොදැවී 16, ශිරාන් ප්‍රනාන්දු 59/2, සහන් නානායක්කාර 76/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.