Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොළඹ පිල අසීරු අඩියක

කොළඹ පිල අසීරු අඩියක

editorial - 2022 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පබසර වඩුගේ...

ගාල්ල සහ කොළඹ කණ්ඩායම් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (24 වැනිදා) ආරම්භවූ නැෂනල් සුපර් ලීග් තරගාවලියේ 9 වැනි තරගය පළමු දිනට නතර කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි කොළඹ කණ්ඩායම ලකුණු 110 කට කඩලු 6 ක් අහිමිකර ගෙන සිටියේය. ඒ අනුව කොළඹ කණ්ඩායම තවත් ලකුණු 157 ක් පසුපසින් සිටින්නේය.

අකිල ධනංජය කඩුලු 3 ක් සහ චානක රුවන්සිරි කඩුලු 2 ක් දවාගනිමින් කොළඹ පිලේ පිතිකරුවන් මෙල්ල කරමින් පළමු දින වැඩි ගෞරව ගාල්ල පිලට ගෙන දීමට සමත්වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගාල්ල පිලට සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 267 ක් පමණි.

සංගීත් කුරේ (51) සහ ප්‍රියමාල් පෙරේරා (51) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර පබසර වඩුගේ ලකුණු 42 ක් සහ කවිෂ්ක අංජුල ලකුණු 33 ක් ලබාගත්තේය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය කඩුලු 6 ක් දවාගනිමින් ගාල්ල පිලේ පිතිකරුවන් මෙල්ල කිරීමට සමත්වූ අතර චානක රුවන්සිරි කඩුලු 2 ක් දවාගත්තේය.


ගාල්ල පළමු ඉනිම - සියලුදෙනා දැවී 267
(සංගීත් කුරේ 51, පබසර වඩුගේ 42, ධනංජය ලක්ෂාන් 24, ප්‍රියමාල් පෙරේරා 51, කවිෂ්ක අංජුල 33, ප්‍රභාත් ජයසූරිය 111/6, අශේන් බණ්ඩාර 04/2)

කොළඹ පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 110
(නිපුන් ධනංජය 25, අශේන් බණ්ඩාර 35, අකිල ධනංජය 28/3, චානක රුවන්සිරි 40/2)

සංගීත් කුරේ ...

 

ප්‍රභාත් ජයසූරිය ...

 

-2079


අදහස් (0)

කොළඹ පිල අසීරු අඩියක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.