Last Update  :  2025-03-21 20:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොළඹ පිල ලකුණු 104 ක් ඉදිරියෙන්
නැෂනල් සුපර් ලීග්

කොළඹ පිල ලකුණු 104 ක් ඉදිරියෙන්

editorial - 2022 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)
ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් තරගාවලියේ තෙවැනි තරගයේ දෙවැනි දිනය (4 වැනිදා) නිමාවට පත්වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි කොළඹ කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 381 ක් ලබා සිටියේය.  

දෙවැනි දිනය සඳහ තරගය නතර කරන විට අෂේන් බණ්ඩාර හතරේ පහර 10 ක් සමග ලකුණු 85 ක්ද, ළහිරු මධුෂංක හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 34 ක්ද ලබා සිටියහ. ඔවුන් දෙදෙනා එක්ව කොළඹ කණ්ඩායමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 68 කි.

පළමු දිනය වූ ඊයේ (4 වැනිදා) කිසිවකු නොදැවී ලකුණු 46 ක් ලබා සිටි කොළඹ කණ්ඩායම අද දිනයේදී කඩුලු 5 ක් අහිමි කරගනිමින් සිය කණ්ඩායමට ලකුණු 335 ක් එක්කර ගත්හ. එහිදී ආරම්භක පිතිකරු නිපුන් ධනංජය (114) හතරේ පහර 10 ක් සමග ශතකයක් ලබාගත්තේය. රොෂේන් සිල්වා (57) අර්ධ ශතකයක් ලබාගත්තේ හතරේ පහර 3 ක් සමගිනි.


දඹුල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 277
(ලියෝ ෆ්‍රැන්සිස්කෝ 36, අෂාන් ප්‍රියන්ජන් 61, ළහිරු සමරකෝන් 35, චමිඳු විජේසිංහ 54, මාලින්ද පුෂ්පකුමාර 35, ලක්ෂිත මානසිංහ 78/3, කසුන් රාජිත 32/2, නිසල තාරක 57/2, ප්‍රභාත් ජයසූරිය 57/2)

කොළඹ පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 381
(නිපුන් ධනංජය 114, ක්‍රිෂාන් අංජුල 20, සම්මු අෂාන් 41, රොෂේන් සිල්වා 57, අෂේන් බණ්ඩාර නොදැවී 85, ළහිරු මධුෂංක නොදැවී 34, මාලින්ද පුෂ්පකුමාර 89/2)

 


අදහස් (0)

කොළඹ පිල ලකුණු 104 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.