Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
පිතිකරුවන්ගේ සහ පන්දු යවන්නන්ගේ දක්ෂතා හේතුවෙන් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) අවසන් වූ නැෂනල් සුපර් ලීග් තරගාවලියේ හයවන තරගයේදී මහනුවර පිලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 259 ක ඉලක්කයක් හඹාගිය කොළඹ කණ්ඩායම කඩුලු 4 ක පමණක් දැවී ඉලක්කය පහසුවෙන් පසුකර ගෙන ගියේය.
නිපුන් ධනංජය, ක්‍රිෂාන් සංජුල සහ නුවනිඳු ප්‍රනාන්දු අර්ධ ශතක ලබාගනිමින් කොළඹ පිල ජයග්‍රහනය කරා රැගෙන යාමට දායක වූහ. නිපුන් ධනංජය පන්දු 176 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 96 ක් ද, ක්‍රිෂාන් සංජුල පන්දු 110 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 55 ක් සහ නුවනිඳු ප්‍රනාන්දු පන්දු 105 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 25 ක් ලබාගැනීමට සමත්වූහ.
ක්‍රීෂාන් සංජුල සමගින් එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 125 ක සම්බන්ධතාවක් පැවැත්වූ නිපුන් ධනංජය ඉන් නොනැවතී දෙවැනි කඩුල්ල සඳහා නුවනිඳු ප්‍රනාන්දු සමගින් එක්ව තවත් ලකුණු 76 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූවාය.
තෙවැනි දිනට තරගය නතර විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි කොළඹ කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 114 ක් ලබා සිටියේය.
අශීන් ඩැනියල් සහ සචිඳු කොළඹගේ කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.
මහනුවර පළමු ඉනිම - සියලුදෙනා දැවී 241
(ඕෂධ ප්‍රනාන්දු 105, කමිඳු මෙන්ඩිස් 26, කසුන් විදුර 43, ප්‍රභාත් ජයසූරිය 47/3, ලක්ෂිත මනසිංහ 59/3, කසුන් රාජිත 43/2, නිසල තාරක 61/2)
කොළඹ පළමු ඉනිම - සියලුදෙනා දැවී 218
(නිසල තාරක 24, ළහිරු මදුශංක නොදැවී 80, ලක්ෂිත මනසිංහ 53, ප්‍රභාත් ජයසූරිය 20, අසිත ප්‍රනාන්දු 38/3, අශීන් ඩැනියල් 51/3, සචිඳු කොළඹගේ 37/2)
මහනුවර දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 235
(කමිඳු මෙන්ඩිස් 114, සචිඳු කොළඹගේ 29, කසුන් රාජිත 48/5, ලක්ෂිත මනසිංහ 79/3)
කොළඹ දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 260
(නිපුන් ධනංජය 96, ක්‍රිෂාන් සංජුල 55, නුවනිඳු ප්‍රානාන්දු 60, සම්මු අෂාන් 25, අශීන් ඩැනියල් 77/2, සචිඳු කොළඹගේ 52/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.