Last Update  :  2025-01-02 21:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෝලි - ජදේජා ඉන්දියාව දිනවති
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

කෝලි - ජදේජා ඉන්දියාව දිනවති

editorial - 2023 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රිඩාංගණයේදී අද (5 වැනිදා) පැවති එක්දින ලෝක කුසලාන තරගයෙන් ලකුණු 243 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. මෙම ජයත් සමග තවදුරටත් සිය අපරාජිත බව රැකගනිමින් ලකුණු සටහනේ පෙරමුණේ රැදී සිටීමටද ඉන්දියාවට අවස්ථාව උදා විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 327 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාවට ඕවර 27.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 83 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ රවින්ද්‍ර ජදේජා නිලකුණු ඕවරයක් සමග ඕවර 9 ක් යවා ලකුණු 33 කට කඩුලු 5 ක් බිඳහෙළමින් දකුණු අප්‍රිකානු ඉනිම සුනුවිසුණු කර දැමුවේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව, විරාට් කෝලිගේ ශතකය හමුවේ ඕවර 50 අවසන් වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 326 ක් ලබාගත්තේය. ඉන්දීය ඉනිමේ නැංගුරම බවට පත්වූ කෝලි, පන්දු 121 කට මුහුණදෙමින් හතරේ පහර 10 ක් සමග නොදැවී ලකුණු 101 ක් ලබා ඉනිම නිමාවට පත්වන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.

මෙය ‍කෝලිගේ 49 වැනි එක්දින ශතකය වූ අතර මෙවර තරගාවලියෙදී ඔහු ලබාගත් දෙවැනි ශතකයද විය. මෙම ඉනිමත් සමග ලකුණු 543 ක් ලබා තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානයට පත්වීමට කෝලි සමත් විය. ශතක 4 ක් සමග ලකුණු 550 ක් ලබා සිටින දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩිකොක් එම ලැයිස්තුවේ පෙරමුණේ පසුවේ.

ශ්‍රෙයාස් අයියර් (77) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 158 කදී ලකුණු 134 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද කෝලි සමත් වූ අතර  පන්දු 87 කදී වාර්තා වූ අයියර්ගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 7 කින් සමන්විත විය. අවසන් ඕවර කිහිපයේදී පන්දු 15 කින් නොදැවී ලකුණු 29 ක් රැස්කළ රවින්ද්‍ර ජදේජා සිය කණ්ඩයමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය.

ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා සිය කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබා දුන්නේ පන්දු 24 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 40 ක් රැස්කරමිනි. ඔහු සහ ශුබ්මන් ගිල් (23) අතර ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී පැවැති සම්බන්ධතාව ලකුණු 62 කට සීමා වූයේ කේෂව් මහරාජ්‍ගේ පන්දුවක් හමුවේ ගිල්‍ගේ කඩුල්ල බිඳවැටීම හේතුවෙනි.



ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 326
(රෝහිත් ශර්මා 40, ශුබ්මන් ගිල් 23, ‍විරාට් කෝලි නොදැවී 101, ශ්‍රෙයාස් අයියර් 77, සූර්යකුමාර් යාදව් 22, රවින්ද්‍ර ජදේජා නොදැවී 29) 

දකුණු අප්‍රිකාව - ඕවර 27.1 කදී සියලු දෙනා දැවී 83
(රාසි වැන්ඩර් ඩූසන් 13, මාකො ජැන්සන් 14, රවින්ද්‍ර ජදේජා 33/5, කුල්දීප් යාදව් 07/2, මොහොමඩ් සාමි 18/2) 


අදහස් (0)

කෝලි - ජදේජා ඉන්දියාව දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.