Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෝලිගේ 100 වැනි තරගය පාළු පිටියක

කෝලිගේ 100 වැනි තරගය පාළු පිටියක

editorial - 2022 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක විරාට් කෝලිගේ 100 වැනි ටෙස්ට් තරගය සඳහා පේ‍්‍රක්‍ෂකයන් කැඳවිය නොහැකි බව පන්ජාබ් කි‍්‍රකට් සංගමය කියයි. උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප‍්‍රාන්තයේ නගරක් වන මොහාලි හිදී මෙම තරගය පැවැත්වෙයි.

”කෝලිගේ 100 වැනි ටෙස්ට් තරගය වෙනුවෙන් නරඹන්නන් කැඳවීමට අවස්ථාව නොලැබීම අවාසනාවන්ත තත්ත්වයක්... ඒත් අපි මේ විශිෂ්ට කී‍්‍රඩකයාගේ සුවිශේෂී අවස්ථාව සමරන්න නගරය පුරා ඔහුගේ රුව සහිත විශාල පුවරු සවිකරනවා” යයි පන්ජාබ් කි‍්‍රකට් සංගමයේ ලේකම් පනීත් බාලි මහතා ප‍්‍රංශ පුවත් සේවයට පවසා තිබිණ.

පසුගිය දිනවල කොරෝනා වයිරසයේ පාලනයක් ඉන්දියාව තුළ පෙන්නුම් කරන ලද නමුත් මොහාලි නගරයෙන් කොරෝනා රෝගීහු 19 දෙනෙක් හමුවී  තිබිණ. කෙසේ වෙතත් දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන බැංගලෝරයේදී සීමිත පේ‍්‍රක්‍ෂක පිරිසකට තරගය නැරඹීමේ අවස්ථාව ලැබෙන බවත් ඉන්දීය කි‍්‍රකට් බලධාරීහු කියති. දෙවැනි ටෙස්ට් තරගය දිවා/රාතී‍්‍ර තරගයකි.

ශී‍්‍ර ලංකාවට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියේදී විවේක ගත් විරාට් කෝලි වසර 2011 දී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි විය. වසර 11 ක කාලයේදී ටෙස්ට් තරග 99 කදී ලකුණු 7962 ක් ලබා සිටින කෝලි ටෙස්ට් තරග 100 ක් කී‍්‍රඩා කිරීමේ භාග්‍යය ලබාගත් 11 වැනි ඉන්දීය කී‍්‍රඩකයා වෙයි.

ලෝකයේ වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක් කී‍්‍රඩා කළ කී‍්‍රඩකයා වන්නේ ටෙස්ට් තරග 200 කට සහභාගි වූ ඉන්දීය පිලේ හිටපු නායක සචින් තෙන්ඩුල්කාර් වසර 2013 දී ටෙස්ට් පිටියෙන් විශ‍්‍රාම ගත්තේය.

 

- 213


අදහස් (0)

කෝලිගේ 100 වැනි තරගය පාළු පිටියක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.