Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කෞෂාල් සිල්වාගේ (81) සහ කුමාර් සංගක්කාරගේ (55) දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව නිසා පාකිස්තානයට එරෙහිව අබුඩාබිහි ෂේක් සයිඞ් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (02) පස්වරුවේ ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 186 ක් රැුස් කිරීමට සමත්ව සිටියේය. දිනය අවසන් වන විට ශ්‍රී ලංකා පිල කඩුලූ 6 ක් අතැතිව ලකුණු 7 ක් ඉදිරියෙන් පසු විය.
දිනේෂ් චන්දිමාල් (නොදැවී 24) කඩුල්ලේ රැුදී සිටි අතර කෞෂාල්ගේ දැවී යෑමත් සමග තෙවැනි දිනයේ ක්‍රීඩාව අවසන් කළේය.
කෞෂාල් සිලවා අවස්ථානුකූල මෙන්ම සටන්කාමී ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 177 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 81 ක් ලබා දිගු ටෙස්ට් ක්‍රිකට් දිවියකට පදනම දැමීය. සිය සිවුවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන 27 හැවිරිදි කෞෂාල් පළමු ටෙස්ට් අර්ධ ශතකය පන්දු 113 කදී සම්පූර්ණ කළේය.
කෞෂාල් සිල්වා සහ කුමාර් සංගක්කාර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99 ක සම්බන්ධතාවක් පැවත්වමින් ශ්‍රී ලංකා පිල පෙරමුණට රැගෙන ආහ.
ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන මහේල ජයවර්ධන සේවය අවශ්‍ය අවස්ථාවේදී නැවතත් අසාර්ථක වෙමින් පළමු පන්දුවේදීම ලකුණු නොලබා දැවී යෑමෙන් ශ්‍රී ලංකා පිල කඩුලූ 3 ක් දැවී ලකුණු 150 කට ඇද වැටුණි.
කුමාර් සංගක්කාර පන්දු 99 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 55 ක් ලබා සිටියදී දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
බිලාවල් භාටි යැවු ඉනිමේ 34 වැනි ඕවරයේ අවසන් පන්දුවට ලකුණු 29 ක් ලබා සිටි කුමාර් සංගක්කාර කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී ගියා බවට විනිසුරු තීරණය කළ ද, විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදයෙන් එය දැවී යෑමක් නොවන බවට තීරණය කිරීමෙන් සංගක්කාරට තව දුරටත් කඩුල්ලේ රැදී සිටිමේ අවස්ථාව උදාවිය.
එහිදී පන්දුව පා ආවරණයේ වදින විට කඩුල්ලේ සීමාවේ තිබුණ ද, එය පා ඉන්නෙන් පිටත පතිත වූ පන්දුවක් වූ බැවින් තෙවැනි විනිසුරු ප්‍රධාන විනිසුරු තීරණය ප්‍රතික්ෂේප කළේය.
දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා ලකුණු 47 ක ආරම්භක සම්බන්ධතාවක් පැවැත්වූහ.
ජුනයිඞ් ඛාන් යැවූ පන්දුවක් දැඩි දෝලනය හේතුවෙන් දිමුත් කරුණාරත්නගේ කඩුල්ල සොයා ඒමෙන් දිමුත් ලකුණු 24 ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.
ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අද දිවා විවේකයට පෙර පාකිස්තානු පළමු ඉනිම ලකුණු 383 කට සීමා කිරීම නිසා පාකිස්තානයට ලකුණු 179 ක වාසියකින් සෑහිමට පත්වීමට සිදුවිය.
පාකිස්තානු පිලේ නායක මිස්බා උල් හක් පන්දු 306 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 135 ක් රැස් කිරීමට සමත් විය.
ශාමින්ද එරංග ලකුණු 80 කට කඩුලූ 3 ක් දවා ගනිමින් ශ්‍රී ලංකා පිලේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්විය.
රංගන හේරත් සිය 35 වැනි ඕවරයේ, ඉනිමේ 128 වැනි ඕවරයේ සිවුවැනි සහ පස්වැනි පන්දුවලදී සයිඞ් අජ්මාල් සහ රහට් අලී ලකුණු ලබා ගැනීමට පෙර දවා ගනිමින් පාකිස්තානු පිලට ලකුණු 200 ක වාසියක් කරා යෑමට වැට බැන්දේය.
ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දුවක් බිලාවල් භාටිගේ අත් ආවරණයේ වැදී ප්‍රසන්න ජයවර්ධන උඩ පන්දුවක් රැුකගත්ත ද එය දැවී යෑමක් නොවන බවට විනිසුරු තීරණය කළේය. පසුව විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ප්‍රතිඵල ගෙන දෙමින් බිලාවල් භාටි හත්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
කෞෂාල් සිල්වා ෂෝට් ලෙග් ස්ථානයේ රැුකගත් විශිෂ්ට උඩ පන්දුව හමුවේ ඊයේ දිනයේ සිවුවැනි ඕවරයේදී අසාද් ශාෆික් (13) පස්වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්වීම කැපී පෙනුණි. කෞෂාල් මෙම ඉනිමේදී රැුකගත් දෙවැනි විශිෂ්ට උඩ පන්දුව මෙය වේ.
ශාමින්ද එරංගගේ පන්දුවකට අද්නන් අල්මාල් (6* දැවී යෑමත් සමග ලකුණු 342 කට කඩුලූ 6 ක් බවට පත්විය.
පාකිස්තානු පිල දෙවැනි දිනය වූ ඊයේ (01* ක්‍රීඩාව නතර කරන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 327 ක් රැුස්කරමින් ලකුණු 123 ක් ඉදිරියෙන් සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.