Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්ත ‘ඒ’ පිලට එරෙහිව පිට පිටම දෙවැනි ශතකයත් ලබාගත් කෞෂාල් සිල්වාගේ (නොදැවී 150) විශිෂ්ට පිතිහරඹය නිසා රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී අද (23 වැනිදා) ආරම්භ වූ දෙවැනි සිවුදින තරගයේ පළමු දිනය නිමා වන විට ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලූ 3 ක් දැවී ලකුණු 360 ක් ලබා සිටියේය.
අද දිනයේ පැය හයකට වැඩි කාලයක් පුරා කඩුල්ලේ රැඳුනු කෞෂාල් සිල්වා පන්දු 290 කට මුහුණ දෙමින් හතරේ පහර 23 ක් සිය ඉනිමට ඇතුළත් කර තිබිණ.
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ පළමු කඩුල්ල ලකුණු 1 දී බිඳ වැටුණ නමුත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 152 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ දිමුත් කරුණාරත්න (84) සහ කෞෂාල් සිල්වා රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයට පතිත වූ දැඩි සූර්යාලෝකය මැද නවසීලන්ත පන්දු යවන්නන් හෙම්බත් කළහ.
දිමුත් කරුණාරත්න දැවී යාමෙන් අනතුරුව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් (80) සමග එක්ව ගොඩනැංවූ ලකුණු 146 ක සම්බන්ධතාවෙන් කෞෂාල් සිල්වාගේ දායකත්වය ලකුණු 62 කි.
කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා ‘ඒ’ නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළද පළමු ඕවරයේදීම කුසල් ජනිත් පෙරේරා ලකුණු නොලබා දැවී ගියේය. තමාගෙන් ඉවතට ඇදී යන පන්දුවට කිසිදු වගවිභාගයකින් තොරව, අලස ලෙසින් පිත්ත දැමූ කුසල් ජනිත්, පිතිකරුවන්ට පරාදීසයක් බඳු තණතීරුවකදී හොඳ ලකුණු සංඛ්‍යාවක් කරා යාමේ අවස්ථාවක් විසිකර දැම්මේ දෝලනය වන පන්දුව හමුවේ තමන් අසීරුතාවට පත්වන්නේද යන සැකය තේරීම් කමිටු නිලධාරීන්ට ඉතිරි කරමිනි.
තේරීම් කමිටු නිලධාරීන් වන හෂාන් තිලකරත්න සහ ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ දෙදෙනාම තරගය නැරඹීම සඳහා දඹුල්ලට පැමිණ සිටිති.
ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට කිසියම් අභියෝගයක් වීමට නවසීලන්ත ‘ඒ’ පිලේ වේග පන්දු යවන්නන් සමත් වූ නමුත් නවසීලන්ත දග පන්දු යවන්නන් හමුවේ කිසිදු අපහසුතාවකින් තොරව ලකුණු ලබාගැනීමට ශී‍්‍ර ලංකා පිතිකරුවෝ සමත් වූහ.
වේග පන්දු යවන්නන් සිවු දෙනා වූ ඩග් බ්‍රේස්වෙල්, මැතිව් හෙන්රි, ඇන්ඩෲ එලිස් සහ කොලින් මුන්රෝ එක්ව ඕවර 50 ක් යවමින් ශී‍්‍ර ලංකා පිතිකරුවන් ලකුණු 161 කට සීමා කරද්දී දග පන්දු යැවූ ඉෂ් සෝදි, ටොඞ් ඇස්ට්ල් සහ ඇන්ටන් ඩෙව්සිච් තිදෙනාගේ ඕවර 40 කින් ලකුණු 193 ක් උදුරා ගැනීමට ශී‍්‍ර ලංකා ‘ඒ’ පිතිකරුවෝ සමත් වූහ.
ඉනිමේ 81 වැනි ඕවරයේදී දෙවැනි නව පන්දුවට ලබාගන්නා විට හොඳටම හෙම්බත් වී සිටි නවසීලන්ත පන්දු යවන්නන්ගෙන් අවසන් ඕවර 9 දී කෞෂාල් සිල්වා සහ කිත්රුවන් විතානගේ ලකුණු 55 ක් උදුරා ගැනීමට සමත් වූයේ පළමු දිනයේදීම නවසීලන්ත පන්දු යවන්නන් හත්දෙනකුගේ වෙහෙස කඩුලූ 3 කට පමණක් සීමා කරමිනි.
පිටකොන්දේ ආබාධයකට ලක්වී සිටින මධුර ලක්මාල් වෙනුවට මෙම තරගය සඳහා වමතින් දග පන්දු යවන කී‍්‍රඩක මලින්ද පුෂ්පකුමාර කැඳවා තිබේ. නවසීලන්ත ‘ඒ’ පිලද කී‍්‍රඩකයන් තිදෙනකු මෙම තරගය සඳහා කැඳවා තිබෙන අතර මෙම තරගයේදී ටොම් ලේතම් නවසීලන්ත ‘ඒ’ පිලේ නායකත්වය දරයි.
තරගයේ දෙවැනි දිනය වන හෙට (24 වැනිදා) පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතය.
ඡයාරූපය - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.