Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ලබන වසරේදී දහයයි10 සුපර් ලීග් තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර සිටී. මෙහිදි පිරිමි තරගාවලියට අමතර කාන්තා දහයයි10 සුපර් ලීග් තරගාවලියක්ද පැවැත්වීමට අපේක්‍ෂිතය.
පිරිමි දහයයි10 සුපර් ලීග් තරගාවලිය ලබන වසරෙ අගෝස්තු මාසයේදී පැවැත්වේ. කාන්තා දහයයි10 සුපර් ලීග් තරගාවලිය ජුනි සහ ජුලී මාසවලදී පැවැත්වෙනු ඇත.
කණ්ඩායම් 6 කින් සමන්විත පිරිමි දහයයි10 සුපර් ලීග් තරගාවලියට තරග 18 ක් ඇතුළත් වේ. ජාත්‍යන්තර ක‍්‍රිකට් සභාවේ පූර්ණ සහ අනුබද්ධිත රටවල් වලට අයත් විදෙස් ක‍්‍රීඩකයන් 6 දෙනකු සමගින් එක් කණ්ඩායමකට ක‍්‍රීඩකයන් 16 දෙනකු ඇතුළත් කෙරේ.
එක් කණ්ඩායමක් සඳහා විදෙස් පුහුණුකරුවන් දෙදෙනකු ද ඇතුළත් කළ හැකිය. ඔවුන් දෙදෙනාත් සමගින් 10 දෙනකුගෙන් සමන්විත පුහුණු කාර්ය මණ්ඩලයක් එක් කණ්ඩායමකට හිමිවේ.
කාන්තා දහයයි10 සුපර් ලීග් තරගාවලිය සඳහා කණ්ඩායම් 4 ක් ඇතුළත් වන අතර අවසන් මහා තරගයත් එකතුව ඊට ඇතුළත් තරග ගණන 15 කි.
මෙහිදී සෑම කණ්ඩායමක් සඳහා ක‍්‍රීඩිකාවන් 20 දෙනකු ඇතුළත් කෙරේ. ජාත්‍යන්තර ක‍්‍රිකට් සභාවේ පූර්ණ සහ අනුබද්ධිත රටවල් වලට අයත් විදෙස් ක‍්‍රීඩිකාවන් 6 දෙනකු එක්කර ගැනීමට අවස්ථාව හිමිවේ.
කාන්තා තරගාවලියේදී එක් කණ්ඩායමක් සඳහා විදෙස් පුහුණුකරුවන් දෙදෙනකු ඇතුළුව 8 දෙනකුගෙන් යුත් පුහුණු කාර්ය මණ්ඩලයකින්ද සමන්විත වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.